කැළණිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අද(26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරුන් වන කණිෂ්ක සමරසිංහ, නෝබට් පෙරේරා යන මහත්වරුන් සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු මන්තී‍්‍ර ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පිරිසක් ද මේ අතර වෙතියි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පෑලියගොඩ රෝහණ විහාරයේ විහාරාධිපති ඌරාපොළ පේමසිරි නායක ස්වාමින් වහන්සේ සහ කැළණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ මොකක්ද මෙතැන කරන්නේ බණක් භාවනාවක් කරගෙන පන්සලේ ඉන්නේ නැතුව.
හාරකුන්, බුරුවන්,පාදඩයන් " ගෙබි කුලයට පැමිණීම " ජීව විද්‍යාත්මකව නව තාර්කයක් ගොඩනැගිය හැක.
අනිකුත් පක්ෂ වලින් අහක දාන කුණු ගොඩගහ ගන්න පක්ෂය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
පොහොට්ටුවෙන් නම් එන එකක් නෑ.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ලෙයින්, දහදියෙන්, මතු නොව ජීවිතද පුජා කරලා දසක හයකට වැඩි කාලයක් ගොඩනගා ගත් පක්ෂය මෙවන් අසරණ තැනට ඇද දාන්න පාර කැපුවේ කව්ද? කියල කාගෙන් හරි ඇහුවොත් පටස් ගාල උත්තරේ දෙයි.
තමාට ඔතනට එන්න උදව් කරපු එජාපයට පිටුපාන එක වැරදි නේද ? පොහොට්ටුවෙන් ඕනනම් ගන්න එජාපයෙන් නම් ගන්න එපා.
අපේ ජන්ද වලින් ජනපතිවෙලා ඒ තත්වය යොදා ගෙන අපේ පාක්ෂිකයින් බිලි බාගැනි්ම ඒච්චර හැඩ නැහැ නේද?
අනේ මෙහෙම මෝඩ ජාතියක් මේ පෙන්වන්නේ නිවට නියාලුකම නේද? අපි මේ තත්වෙන් ගොඩ එන්න තව පරම්පරා කීයක් යා යුතුද? මෙය පුද්ගලයින්ගේ වරද නොව ජාතියේම වරදකි. පක්ෂය හැරයාම ඕනෙම කෙනෙකුට කලහැක... ඒගැන වාදයක් නැත එහෙත් දුවගෙන ඇවිත් අනිත් පක්ෂයේ නායකයා සමග පොටෝ එකට ඉන්න එක? කාගේ කාගේත් ලජ්ජානැතිකම නේද?
මෙයයි මහින්දයි අතරේ කිසිම වෙනසක් නෑ වගේ. අපේ රටේ කරුමේ.
21...වෙනි ශතවර්ශයේ ජීවත්වෙන අපි යම් කිසි දෙයක් තේරුම් හත හැකි පුද්ගලයන් විය යුතුයි . එනම් , ජනාධිපතිතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පෙනී සිටියත් ඔහු ඉතාමත් පරාර්ථකාමී දේශපාලන ප්රතිපතියකින් යුතු පුද්ගලයෙක් . ඕනෑම පක්ෂයකින් , ඕනෑම කෙනෙකුට ඔහුත් සමග එකතුවෙලා රටවෙනුවෙන් දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් ජනාදිපතිතුමා විසින් අනිත් පක්ෂවලට ලබාදීල තියනවා . ... මේවා මීට ඉස්සර අපේ රටේ තිබුන දේවල් නෙමෙයි .
ඔව් අපිත් ඕක කියනවා. මේ දෙන්නාට නැතුව අහවලාට 2005 දීම රට දුන්නා නම් හොඳයි නේද? ඔබේ නමින් මට ඔබ හම්බයක්ද, දෙමළෙක්ද කියා හිතා ගන්න බැරි එකයි ප්රශ්නය.
ඔය විදිහට ශ්‍රී ල නි පෙට එන බිම්මට්ටමේ එජාප ක්‍රියාකාරීන් පුද්ගලිකවම ජනාධිපති තුමා විසින්ම පිළිගන්න තත්වයට ඔබතුම සහ ශ්‍රී ල නි පෙ පත්වෙලා , ඔබතුමාට ඔතනට එන්න චන්දය දුන්නේ වැඩිහරියක් එජාප සාමාජිකයෝ , වැඩිහරියක් ශ්‍රී ල නි ප සාමාජිකයෝ ඡන්දෙ දුන්නේ මහින්ද මහත්මයට හරිනම් ඔබතුමාට කරන්න තිබුනේ නිර්පාක්ෂික ජනාධිපති කෙනෙකු විදිහට රට පාලනය කරන්න , එහෙම කලානම් ඔබතුම ඉතිහාස ගතවෙනවා , ඔබතුමාට නොබෙල් ත්‍යාගය පවා ලැබෙන්න ඉඩ තිබුන , ලබනපාර ජනාධිපතිවරණයට ඔබතුම එජාපෙ සහයෝගය නොමැතිව ශ්‍රී ල නි පෙන් තනියම ඉදිරිපත් වුනොත් ඔබතුමාට ඡන්ද ලක්ෂ 20 වත් ගන්න බැරිවෙනවා , පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන පුද්ගලයා ඔබතුමාට වැඩිය චන්දෙ ගන්නවා.
මේ රජය පත්කරගෙන තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකේම කට්ටිය එකතු වෙලා. ආණ්ඩුව කරන හැම දෙයකටම වග කියන්න ඕනේ ඔය පක්ෂ දෙක. එක්සත් ජාතික පක්ෂය විතරක් නොවෙයි. කැබිනට් එකේ ඉන්නේ යුඑන්පී කාරයෝ විතරක් නොවෙයි. හැබැයි ජනතාවට හිතකර හැම එකක්ම ජනාධිපතිතුමාගේ ගිණුමට... අහිතකරයි නම් ඔක්කොම අගමැතිතුමාගේ ගිණුමට. මේක තේරුම් ගන්න බැරි අය තමයි පක්ෂේ විවේචනය කරන්නේ. පක්ෂෙන් පැනලා යන්නේ. " මුහුණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්ත වගේ" කියන්නේ ඔන්න ඔය වගේ ඒවාටයි..