(රන්ජන් කස්තුරි)
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි.
තැපැල් ඡන්ද වෙනම ගණනය කරන නමුත් ඒවා අනෙක් ප්‍රතිඵල සමඟ එක්කොට මුළු ඡන්ද ගණන ප්‍රකාශයට පත් කරන බව කොමිසම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමසාරිස් තුමා ප්‍රතිඵලේ දැන්ම දැන ගෙන වගේ.
වෙනම ගණන් කරනවානම් ඇයි එක කියන්න බැරි. අනෙකුත් ඡන්දවලදී පුලුවන්නම් මේකෙදි බැරි විශේෂ හේතුව මොකක්ද?
ඔබගේ කතාවේ අරුතක් තිබෙනවා. මොකද වේලාසනින් මේවයේ ප්‍රතිඵල පිටුනාම අර වාසි පැත්තට හෝයියා කියන ජාතියක් නේ අපි. එසේ නැතිව ජන්ද අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ඔහුගේ යෝජනා, එම යෝජනා කල හැකි ඒවාද, ඔහු මින් පෙර සිටියේ නම් මෙතෙක් ඔහු කල දේවල් වලින් ජනතා සේවයක් ඉටුවී ද, මුළු මහත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තරම් සහ යහපත් තීරණ ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධියකින් අනුණද, දැඩි ස්ථීර නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා සිටියහැකි අයෙක් ද යනාදී වශයෙන් තීරණය නොකර ජන්දය දෙන ජාතියක් නේ අපි. අපි ජන්දදායකයා බුද්ධිමත් විය යුත්තේ අපේ රටේ ඉදිරි අනාගතය ගැන සිතා මිස පුද්ගලික වාසිතකා නොවන බව අපේ මෝඩ හරක්ට තවම නොතේරීම නිසා මුළු මහත් රටක් අගාදයට යාම නොවැලැක්විය හැකි කාරණයක් බවට අද පත්වී හමාරයි.
හේතුව කොමසාරිස්තුමා පැහැදිලිව කිව්වා. දිස්ත්‍රික්ක මට්ටමේ ඡන්ද වගේ නෙමෙයි. මේ ඡන්දෙදී සමහර තැන්වල තැපැල් ඡන්ද තියෙන්නේ සුළු ප්‍රමාණයයි. ඒ ඔක්කොම එක පැත්තට දාලා තිබුණොත් රහස්‍ය භාවය ඉබේම නැතිවෙනවා....
මෙයාලා දන්නවා තැපැල් ඡන්ද ඔක්කොම පරාද වෙන බව.. ඒ නිසා තමයි ඔක්කොම එකට ගැනලා කියන්නේ...
කොමසාරිස් කැමති පාර්ශවය තැපැල් ඡන්දෙන් පරදින බව දන්න නිසා වෙන්න ඇති