(ප්‍රසාද් රුක්මාල්)
බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
බරපතල කැපුම් තුවාල ලැබු මොනරාගල දඹගල්ල පදිංචි රියදුරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් රියදුරුගේ මුහුණට හා අත්වලට තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු එන් පි ආණ්ඩුව 1983 කරපු පුද්ගලික මගුලේ විපාක තමයි මේ ගවන්නේ . ලෝකේ තියන දහ ජරාව ඔක්කොම රටට ගෙනල්ල රට කෑවා. දැන් ඉන්න එකත් කරන්නේ ත් එකමයි.
තව බණ ටිකක් කියන්න තියෙන්නේ...............
කුමා ඔබම ජීවත් වන්නේ තවමත් ගල් යුගයේද?
මේක පුද්ගලික පලහිලව්වක් වෙන්නත් පුළුවන්... අනෙක් අතට බොහෝවිට පුද්ගලික බස් රථවලට ඉස්සර කරලා යන ලංගම රියදුරන්ට විශාල ලෙස තර්ජන තියෙනවා. ඒ වගේම ග්රාමීයප්රදේශ වල සහ අතුරු මාර්ග වල ගමන් කරන ලංගම බස් රථ වලට ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල ලෙස තර්ජන තියෙනවා. කොහොම වුණත් ප්‍රවාහනය රජයට විතරක් කරන්න බැහැ. බණ්ඩාරනායක අගමැතිතුමා එක්කත් බස් ජනසතු කිරීම නිසා බද්ධ වෛරයෙන් බස් මුදලාලිලා හිටියේ... එ්කත් එක උත්තේජනයක් එතුමා ඝාතනය කරන්න. ලංකාවේ පුද්ගලික බස් හිතාමතාම පාර හරස් කිරීම නිසා දවසකට රටට දොලර් මිලියන ගණනක් හානිවෙනවා. ඒ වගේම පරිසර දූෂණයක් වෙනවා. මොකද මෙයාලා බස් නතර කරන්නේ පාර මැද්දේ... කාටවත් ඉස්සර කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම යන්නෙත් නැහැ. පුද්ගලික බස් සහ ත්‍රීරෝද රථ එක් නියමයකට යටත් කල යුතුයි. කෙසේ වුවත් මෙය අත්‍යවශ්‍ය සේවාවක්....