(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වටලා ඇත.
කැලෑවෙන් කපන ලද බුරුත ගස් තොගයක්, යතුරුපැදියක්, දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අදාල වැටලීම සිදු කරන අවස්ථාවේදී ජාවාරම්කරුවන් එම ස්ථානයේ නොසිට ඇති අතර අදාල ජාවාරම්කරුවන් සොයා පරික්ෂණ කටයුතු මඩු අඩවි කාර්යාලය පරික්ෂණ ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික වනාන්තරවල ගස් කපා හෙළනවා කියන්නේ වැදූ මවගේ අත පය කපා දානවා වගේ වැඩක්. කපා හෙලු ගස් වලට දැනෙන වේදනාව මිනිසුන්ට දැනෙන්නේ පසුව වුණත් ඒ වනවිට වෙන්න තියෙන විනාශය වෙලා ඉවරයි. මිනිසුනේ! මේ භුමිය නිකම්ම නිකම් පොළවක් නොවෙයි. අපට කන්න දෙන පොළවක්. වීර දූ පුතුන් බිහිකළ භූමියක්. ඒකයි මාතෘභූමිය කියන්නේ !
හොරෙන් දැව කපන කල්ලියේ "දේශප්රේමියෙකුත්" දොස්තර එඩ්වර්ඩ් ගේ අදහසට තම කිළිටි වූ දබර ඇඟිල්ල පහළට දමා රටට ඇති ආදරය පෙන්නුම් කර තිබෙනවා. නියමයි!