මුදිතා දයානන්ද
විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප‍්‍රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් මහතා ඇමතිකමෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුව කණෙන් ඇදලා එළියට දැමිය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ඥාණසාර හිමියන් මෙසේ පැවසූයේ අද රාජගිරිය, නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජක විහාරයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.
‘අපි විල්පත්තු වන සංහාරය ගැන කතා කරන්නේ 2014 වසරේ ආරම්භයේ සිටයි. අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා. 2014 මාර්තු මාසයේ අපි මාධ්‍ය නිවේදනයක් කළා. ඒ කාලේ රටේ අවාසනාවකට හැම කෙනෙක්ද අපේ පැත්තට ඇඟල්ල දිගු කළා අපි ජාතිවාදය අවුස්සනවා කියලා. අපිට තියෙන්නේ මුස්ලිම් විරෝධයක් කියලා කිව්වා.
මේ වෙනකොට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විගණකාධිපති ඇතුලූ කමිටුවේ විල්පත්තු වන සංහාරය ගැන කළ පරික්ෂන වාර්තාව එළි දක්වා තිබෙනවා. එහි තිබෙනවා විල්පත්තුවේ වන විනාශයක් සිදුව ඇති බව. රිසාඞ් බදියුදින් ඇමතිවරයාට එහි වගකීමක් ඇති බව. එදා අපි මේවා කියද්දි කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ. දැන්වත් මේ කමිටු වාර්තාවට අනුව ඉදිරි පරික්ෂන සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන්න අවශ්‍ය ඉඩකඩ සලසමින් නම්බු ඇතිව ඇමතිකම තබා ගෙදර යන්න කියලා අපි රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට මතක් කරනවා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වන විට රවි කරුණානායක මහතා ඉල්ලා අස්වුණා. විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යම් ගැටලූ මතුවුණාම විධායක බලය භාවිතා කරලා ඔහුව ඇමතිකමෙන් ඉවත් කළා. ඇයි මේ දෙකෙන් එකක් වත් රිෂාඞ් බදියුදින් ඇමතිවරයාට අදාල කර නොගන්නේ? විධායක බලය තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය විට භාවිතා කරන්න. පෙනේ පුප්පන්න් නැත්නම් නයාව වුණත් දරමිටිය බඳින්න ගන්නවා කියලා බුදුහාමුදුරුවොත් පෙන්වා දිලා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ ඕවා කවදා කෙරෙන වැඩද
බොහෝම අවිහිංසාවාදී ප්‍රකාශයක්. ගොඩක් පින්
ජනාධිපති කමිටුව හදන්න ඇත්තේ ඡන්දය ලග එන නිසා වෙන්න ඇති. මේකෙන් කිසිම ක්‍රියාමාර්ගයක් වේවි කියලනම් හිතන්න බෑ
ඔව් අපේ හාමුදුරුවනේ
ඔව් අපේ අපේ හාමුදුරුවනේ. මේ ඇමති යැවීමට ජනතා මතයක් ගොඩනගන්න.
හාමුදුරුවනේ ,ජනතාව අවදියෙන්.
මොනවා .. ජනතාව අවදියෙන් කීව? හීනෙන්ද කතා කරන්නේ? ජනතාවට නින්ද ගියේ 1977 දී. එදා ඉඳල තවම සැපසේ බුදි! දැන් මේක දේශපාලුවන්ගේ පාරාදීසයක්.
මේවා නවත්වන්න මතයක් ගොඩ නගන්න.
අපේ හාමුදුරුවනේ අවිහිංසාව හැමතැනටම අදාළ නැතිබව මහජනයාට කියාදෙන්න. පුරාණයේ රජවරු රටවෙනුවෙන් යුද්දයට යාමට ප්‍රථම බික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත්තා කියා මතක්කර දෙන්න. රට පළමුව ජාතිය දෙවනුව ආගම තුන්වෙනුව බව පහදා දෙන්න. අපි අවිහිංසාව මුලට ගතහොත් රටත් ජාතියත් දෙකම නැතිවන්නේය.
අපේ හාමුදුරුවනේ රටවෙනුවෙන් කලයුතුදේ කවදා හෝ ඉබේ නොකෙරෙන බවත් කවදාහෝ ඉබේ කෙරෙනතුරු බලාසිටීම නිවට නියාලු මිනිසුන්ගේ හැටියක් බවත් පෙන්වාදෙන්න. මම වැලකෙමී යන පදය පන්සිල් පදවල කියවුනාට රට සම්බන්දයෙන් කටයුතු කරනවිට මම එය වලක්වමී කියා සමාදවියුතු බව කියන්න.
අපේ හාමුදුරුවනේ සිංහලය වශයෙන් අපි සුළුතරයක් වෙලා හමාරයි. සිංහලයට අල්ලපු මායිමේ එන්න එකට වින කරනවා හැර රටක් ජාතියක් ගැන හිතන්න මොළයක් නැහැ..ඔය මිනිහ හැම ආණ්ඩුවකම ඇමතිකමේ එනනවා. එකයි වෙනස.....