(හර්ෂණ තුෂාර සිල්වා)
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 292.1 ක මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් දෙසැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාව නිල වශයෙන් හම්බන්තොට වරායේ වාණිජ කටයුතු සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් චීන සමාගම වෙත පැවරීය. අදාළ සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.12කි.
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත අදාළ මුදල බැර වූ බව ද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සඳහන් කර තිබේ.
ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයකට මුහුණලා තිබෙන හම්බන්තොට වරාය එහි මෙහෙයුම් කටයුතු 99 අවුරුදු බද්දක් යටතේ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් වෙත පවරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගම අතර ඒකාබද්ධ ගිවිසුමකට ද අත්සන් තැබිණි.
එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය 2010 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ද වාණිජ ක්‍රියාකාරකම් නොමැති වීම හේතුවෙන් පාඩු ලැබීය.
හම්බන්තොට වරාය චීනයේ ‘වන් බෙල්ට් වන් රෝඩ්’ නූතන සාගර සේද මාවත යනුවෙන් නම් කර තිබෙන චීන ව්‍යාපෘතියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කෑමෙන් හොද කෑම විකුණාගෙන කෑමයි" දැන් සැපද?
රටේ ආර්ථිකයට අතිශය වැදගත් අංශ වලට පිටරටවලින් යැපීමේ විපාක පෙනුනේ නැද්ද රුසියාව තේ වලට පැනවූ තහනමෙන්ම. රටවල් ලෝකේ බලවත් රටවල් මත යැපීමේ විපාක තමයි කිසිම ස්වාදීන, රටේ යහපතට වැදගත් තීරණයක් ගැනීමට නොහැකි වීම. රටේ ආර්ථිකයට විතරක් නෙවෙයි ආරක්ෂාවටත් වැදගත් හම්බන්තොට වරාය චීනයට පවර දීම එවැනි ඔලමොට්ටල, තීරණයක්!
එහෙමනම් මේ ලැබිච්ච මුදලින් මේ වරාය ඉදිකරන්න ගත්තු ණය මුදල් හරි බේරිලා, රට ණය බරින් නිදහස් කලානම්. නැත්නම් මේක තේරුමක් නැහැ.
ඇයි නැත්තේ සිරි මහත්තයෝ හොදටම සැපයිනේ. පාඩු පිට පාඩු ලබමින් වහනවාට වඩා හොද නැද්ද මේ ක්‍රමය. ගානකුත් එනවා. අනික විකුණුවේ නැ බද්දට දුන්නේ
ආව් ආව්... ගන්ඩ කාර් ටිකක්................
`අපේ මිනිහ` මොන හොරකමක් මගෝඩි කමක් කෙරුවත් සමහර ඕලමොට්ටලයින්ට පේන්නේ එක බොහොම යහපත් වැඩක් හැටියට. අනිත් මිනිහ යහපත් වැඩක් කෙරුවත් ඒක වැරදියි. මෙතන කොමෙන්ට් දාන සමහරු වරාය පිලිබඳ විසේෂඥයෝ වගේනෙ කතා කොරන්නේ! ` බොරු සෝබනේට හොර චෙක් එකක් රටට පෙන්නුවා` කියල දැන් ටික දවසකට ඉස්සෙල්ල කෝචෝක් කෙරුවෙත් මේ ගොල්ලොම වෙන්නැති!
අපේ කට්ටියට පුද්ගලිකරණයේ වාසි නොතේරීම දුකක්. මොකද ඔය පාඩුලබන ආයතන නඩත්තු කරන්නෙත් අපේ බදු වලින්. ලෝකයේ දියුනු ආර්ථික ඇති රටවල හැම දෙයක්ම පුද්ගලික අංශයට දීල තියෙන්නෙ. ඒකයි ඒ රටවල මුදල් තියෙන්නෙ. අපේ අයට බදු දීම සහ විකිනීම අතර වෙනසවත් තේරෙන්නෙ නැහැ අපේ අයට ඕන රජයෙන් ඔක්කොම නිකන් දෙන්ඩ. අපේ රට ගොඩ ගන්ගඩ බැරි ඒකයි.
සල්ලි තිබෙනවානේද? මට හෙන නොවදින කාර් එකක් ඕනේ.