(කාංචන කුමාර ආරියදාස)
සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසයක පමණ කාලයක් ගත වී ඇති බවත් මවගේ මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු මාධ්‍ය මගින් ඉල්ලීමක් කළේය.
ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත්වීම මත අද (26) මියගිය ගෘහ සේවිකාවගේ මළසිරුර රජයේ වියදමින් නිවසට ගෙන්වා ඇත .
මියගිය ගෘහසේවිකාවගේ මළසිරුර බැලිමට නොහැකි තත්වයේ පැවතීම නිසා පෙට්ටිය සීල් තබා තිබූ බව පුතා එන් .කේ .ඒ . ගනුෂ්ක තෙරාජ් කියයි .
තම මවගේ සිරුර හදුනා ගැනීමට නොහැකි තරමට විරූපී ව තිබුණු බවත් තම මව බවට හදුනා ගනු ලැබුවේ ඇයගේ පාදයේ නියපොත්තක් නොමැතිව තිබු මතකයෙන් බව ද ඔහු ප්‍රකාශ කළේය.
කිතුල්හිටියාව උළුකැට වැව පාර කැකිරාව ලිපිනයේ පදිංචිව සිටි නෙල්කා දීපානි කුමාරසිරි යන තම මව 2011 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස ගිය බවද . පසුව ඇය 2013 වසරේ මෙරටට නැවත පැමිණීමට සූදානම්ව සිටියදී සේවය කළ නිවසේ ඇයට වැටුප් ලබා නොදී එහි සිරකර ගෙන සේවය ලබාගත් බව සඳහන් කළේය.
පසුව 2014 වසරේ මාස ගණනාවක් යන තුරු සිය මව පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වූ විට තමන් දැඩි වෙහෙසක් දරමින් මව සෙවීමේ කටයුතු සිදු කළ බවත්. පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ පැමිණිල්ලක් අනුව මව මහල් තුනකින් පහලට ඇද වැටී අසනීප තත්ත්වයේ එරට රෝහලක සිටින බව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.
එසේ රෝගාතුරව සිටි තම මව පසුගිය නොවැම්බර් මාසයේ දහතුන් වන දින මියගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු දුරකථනයෙන් තමන් වෙත දැනුම් දුන් බවත් සඳහන් කළේය.
සිය මව ගේ මෘත දේහය මෙරටට ගෙන්වාගැනීමට තමන් නැවත වරක් මාසයකට අධික කාලයක් වීදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ ඉල්ලීම් සියල්ල අසාර්ථක වූ බව ද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විදේශ සේවා කාර්යාංශය කියන්නේ පින් පඩි ගෙවන තැනක් එයාලගෙන් වෙන සේවයක් නෑ. මොනවා හරි ප්‍රශ්නයකදී එයාල ගන්නේ ඒ රටේ අයගේ පැත්ත .
ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් මැද පෙරදිග නොයවා සිටීමට තීරණය කළ යුතුයි....එසේ කිරීමට නොහැකි පුර්සයන් විවාහා නොවිය යුතුයි....
තවත් වහල් සේවිකාවකගේ මරණය... ඔය වහල්සේවයට ලංකාවේ මව්වරුන්ව මැද පෙරදිගට පටවන්න පටන් ගත්තේ දේශයේ මහා මොලකරුවෙකු වූ ජේ.ආර්. කියන හිටපු පාලකයා. පිටරටවල් වලට උපදෙස් දුන්නාට ලංකාවේ මව්වරු නැතිව දරුවන්ට යන කලදසාව ගැන හිතුවේ නැහැ. (ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ) දැන් ඉතින් මිනිස්සු යමකට පරුදු වුණාම නැවත අපසු හරවන එක බොරු. මැදපෙරදිග ගිය අම්මලා ඇවිත් ඇදබාන බොරුවලට රැවටිලා අනිත් අම්මලත් යන්න දඟලනවා. බොහෝ දෙනෙක් යන්නේ තමන්ගේ ස්වාමියාගේ අකමැත්ත පිට. ඇත්ත තත්වය මේ මිනිස්සුන්ට කියලා දෙන්න කෙනෙක් නැහැ.
[ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත්වීම මත අද (26) මියගිය ගෘහ සේවිකාවගේ මළසිරුර රජයේ වියදමින් නිවසට ගෙන්වා ඇත .....] මෙයා තවමත් ඒ ඇමැතිකමත් කරනවාද ? එහෙනම් අධිකරණ ඇමති කෙනෙක් අපේ රටේ නැද්ද ? "සීල් කරපු මිනී පෙට්ටියේ තිබුන සිරුර සිය මවගේ බව පුතා හඳුනාගත්තේ ඇයගේ පාදයේ නියපොත්තක් නොමැතිව තිබු මතකයෙන් බව" පුතා ප්‍රකාශ කළේය. එහෙනම් ඒක වටිනා වීදුරු පෙට්ටියක් ද ? දන්නේ නැති නිසයි අහන්නේ ......
[ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත්වීම මත අද (26) මියගිය ගෘහ සේවිකාවගේ මළසිරුර රජයේ වියදමින් නිවසට ගෙන්වා ඇත .....] මෙයා තවමත් ඒ ඇමැතිකමත් කරනවාද ? එහෙනම් අධිකරණ ඇමති කෙනෙක් අපේ රටේ නැද්ද ? "සීල් කරපු මිනී පෙට්ටියේ තිබුන සිරුර සිය මවගේ බව පුතා හඳුනාගත්තේ ඇයගේ පාදයේ නියපොත්තක් නොමැතිව තිබු මතකයෙන් බව" පුතා ප්‍රකාශ කළේය. එහෙනම් ඒක වටිනා වීදුරු පෙට්ටියක් ද ? දන්නේ නැති නිසයි අහන්නේ ......