(කාංචන කුමාර ආරියදාස )
චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අද(26) බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියන් ගේ මැදිහත්වීම මත චීනයේ තාලියන් නගරයේ පදිංචි ව්‍යාපාරික මහතෙක්, එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතෙක් සහ චීන විශ්ව විද්‍යාලයක චිත්‍ර මහාචාර්යවරයකු මෙසේ තාවකාලික පැවිද්ද ලබා ගත්හ.
මෙසේ පැවිදි භාවයට පත්වූයේ චීනයේ තාලියෙන් හි පදිංචි ව්‍යාපාරික වන් ලී ගෝ මහතා තාලියම් පදුමකිත්ති නමින් ද, දුම්රිය සේවයේ සේවකයකු වූ වං හුයි මහතා තාලියම් පඤ්ඤාකිත්ති නමින් ද, චීන විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය මහාචාර්ය යං ජුන් මහතා තාලියම් සුමනකීර්ති යන නමින් ද පැවිදි දිවියට ඇතුළත් වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවකන පන්සල ගොඩක් පින්වන්ත තැනක්,විදෙශිකයෝ ඒ වටිනා කම හොදට තේරුම් අරගෙන තියෙනවා. අපේ අය නම් එක හරියට දන්නේ නැහැ. එතනට යන එන අයුරින් එක තේරුම් ගන්න පුළුවන්.අපි අපේ වටිනාකම් තේරුම් ගමු. තෙරුවන් සරණයි
Sahan අපේ වටිනාකම අපි තේරුම් ගන්න අපි අපේ ඉතිහාසය දැනගෙන සිටිය යුතුය. නමුත් අපේ දරුවන්ට ඉතිහාසය කියා දෙන්නේ නැත. සිංහල දරුවන් ඉතිහාසය ඉගෙන ගන්නවාට දේසපාලුවෝ භයය.