ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 3 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවට ද ජනාධිපතිතුමා නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබද අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.


(ජනපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්! දැන් රටේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ විසදන්න. මුළු රටම සශ්‍රීකයි! කෙත්වතු සරුසාර වෙලා භවබෝග වලින් පිරී ඉතිරිලා ගිහින් .ජනතාවගේ අතමිට සරුසාරයි. රටම සාමකාමී.
ඔයාගේ ප්‍රකාශයේ උපහාස රසය නියමෙටම ගැබ් වෙලා තියෙනවා සමන්...
ලෙඩ මළාට ප්‍රශ්නයක් නැත. හොඳින් බඩ විරේකය ලැබී ඇතිබැවිනි...
ප්‍රමාද වෙලා වුණත් ඒක හොඳ අදහසක්. ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් තම වෘත්තිය වෙනුවෙන් අපමණ දුකක් විඳිනවා. ඒකට වටිනාමකමක් දෙන්න. පවතින අනාගතයටද බලපාන පරිදි වැදගත් තීන්දුවක් ගන්න ජනාධිපතිතුමනි, ඔබට ශක්තිය ලැබේවා !
සමන් මම ලියන්න හිතපු ටික ඔබ ලියලා...