පහරදීමේ සිද්ධියකට ජනපති ආරක්ෂකයා වැරදිකරුවෙයි
කිරිඳිවැල, රදාවාන පාලුපැල්පිටදී එකම පවුලේ මවට පියාට හා දියණියට බැන තර්ජනය කොට පහරදීමේ සිද්ධියකට වැරදිකරුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ කෝප්රල්වරයකුට පූගොඩ මහේස්ත්රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය රුපියල් 1000ක දඩයක් හා වසර පහකට අත්හිටවූ මාස 6ක සිරදඬුවමක් නියම කළාය.