(ආරියදාස කොඩිතුවක්කු)
තගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍ර රත්නායක මහත්මියට විදේශගත වීමට අවසර ලබාදුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය බාරයේ තිබු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට අද (5) නියම කළාය.
කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගී වීම සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි නීතීඥ නිශාන්ත සඳභරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය රුපියල් දස ලක්ෂයක් වටිනා බැඳුම්කරයක් මත ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට ද නියම කළාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශ ගතවීමට අවසර ලබාදීමට තීරණය කළාය. මෙම නඩුව ලබන ජුලි මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත කිව්වනම් ඉතින් ඒවා ඉවසාගෙන ඉන්න එක තමයි තියෙන්නේ.
ලක්ෂ 12 හමාරක් හොරකම් කරලා සුමාන 4ක් බන්ධනාගාරේ. මිලියන ගණන් හොරකම් කරපු අය එළියේ
රට යන්න අවසර ලබාදුන්නාට මෙයා අධිකරණයට පින් දෙන්න ඕන. මැයට එරෙහිව තිබෙන්නේ බරපතල චෝදනාවක්. නැතිබැරි හෝ අඩු අදායම් ලබන අසරණයන්ගේ හදිසි උවමනාවකට ගැනීම සඳහා රාජ්‍ය බැංකුවක උගස් කර තිබු හෝ නැත්නම් ආරක්ෂාවට තැන්පත්කර තිබු රුපියල් ලක්ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීම යනු සුළුපටු චෝදනාවක් නොවේ! "සංගීත සංදර්ශන" අවසානයේ ආපසු මව් රටට පැමිණ සිය නිර්ධෝෂිත්වය රටට සහ රන් ආභරණ හිමියන්ට පෙන්වා දීම ඇයගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා!
හපොයි... යන තැනක ඇඩ්රස් එක හරියට ඉල්ලගන්න වෙයි. නල්ල මලේ ගැහැණියකට අහුවෙලා හිටියට, වික්ටර් මහත්මයා රටට වටිනවා. පිටසක්වලින් ඇවිත් සිංගප්පූරුවෙදි අර්ජුන් මහේන්ද්‍රන් අරන් ගියා වගේ, වික්ටර් මහත්මයාව අරන් යන්න දෙන්න බැහැ.
ලංකාවේ හොරුන්ට මාර තැනක්නේ තිබෙන්නේ...
දැන් ගිහින් ඔය රටවල බලධාරීන්ට කිව්වොත් අපොයි ලංකාවේ මට හරි කරදර......... ජිවිත ආරක්ෂාව සඳහා මාව මෙහෙ නවත්ත ගන්න කියලා මොකද කරන්නේ. මට නම් හිතා ගන්න බැහැ දැන්අර අතුරුදහන් වූ රන් බඩු වලට කවුද වග කියන්නේ. ඒකත් ඡන්දි ගෙවන්න බදූ ගෙවන මිනිස්සුන්ගේ පොකට් එකටම වැටුනාවේ!
දැන් එතකොට සංගීත සංදර්ශනයේ ගීත ගයන්නේ මෙයාද? පුදුම හේතුවකටනේ නිදහස් කරලා තියෙන්නේ. සාමාන්‍ය බැංකු නිලධාරිනියක් මෙහෙම වැඩක් කළා නම් මෙලහකට තාම රිමාන්ඩ් එකේ . තව ලැජ්ජාවක් නැතිව මිනිස්සුන්ට මුණ දෙන්නත් ලෑස්තියි. පිටරට මිනිස්සු මේ ජරමර දන්නේ නැති මෝඩයෝ කියලා වෙන්න ඇති හිතන්නේ.
ඉඳ ඉඳ එක වෙහෙර වින්ද වින්ද ගීත මනහර ................................ අනේ හෂිනි නොදුටු මොක්පුර
ලංකාවේ බැංකු වල රාජ්‍ය වේවා පුද්ගලික වේවා එහෙම රන් භාණ්ඩ එක් අයෙකුට පමණක් අතුරුදහන් කරන්න බෑ. සෑම දෙයක්ම අඩුම තරමින් දෙදෙනෙකුගේ පරීක්ෂාවට යටත් වෙනවා. අනික උකස් අංශය වගේම සේප්පු කාමරය පවා කැමරා වලින් නිරීක්ෂණය කරනවා. මෙතන ප්රශ්නය, මෙහෙම දෙයක් වුනා නම් ඇයි මේකට වග කිවයුතු අනෙක් පාර්ශව ගැන ක්‍රියා නොකරන්නේ?මේක බැංකුවක ආරක්ෂාව ගැන බරපතල ප්‍රශ්නයක්.
මෙයාලා වාගේ අයට ලැජ්ජාව, බයක් කියලා දෙයක් නැහැ .
මේ අය නවත්වා ගන්න ගෙවල්වල අයට බඩු පරිස්සම් කරන්න මහන්සි වෙන්න වෙයි.