රංජන් කස්තුරි
සියලුම සෞඛ්‍ය සේවාවන් වැට්බදු වලින් නිදහස් කිරිමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පෞද්ගලික රෝහල්වල සේවා ලබාදීමේ දී රෝගීන්ගේ බිල්පතට වැට්බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවද සේනාරත්න මහතා කීය.
සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොවන අතර එය සේවාවක් වන බවද රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබඳව යළි සළකා බැලිය යුතු බවද ඇමැතිවරයා කීය.
සෞඛ්‍ය සේවාවන් වැට් බදු වලින් නිදහස් කීරිම සඳහා වන යෝජනා ඇතුළත් සංදේශයක් ඉතා ඉක්මණින් කැබිනට් මණෟඩලයට ඉදිරිපත් කරන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඇමැතිතුමෝ ඉතාමත් හොඳ වැඩක්... වැරදි දැක්ක වෙලාවට අපි පලු යන්න බැන්නට, හොඳ දැක්කම පට්ටේට අගය කරනවා. පාට, පක්ෂ පස්සේ දුවන මෝඩ අය වගේ නෙවෙයි. හොඳ ගමනක් යන්න ලැබේවා!
වට ගැහුවෙත් ඔබම නේද...?
ඒ ගොල්ලෝම බදු ගහලා ඒ ගොල්ලොම අඩු කරනවා.. අපේ අය හුරේ දානවා..
තාම කැබිනට් එකට ඉදිරිපත් කරලත් නෑ. කතාව නම් කොහොමද?
සෞඛ්‍ය සේවාවලට වැට් ගහන්න පටන්ගත්තේ කවුද?
ඉදිරියේ දී කියන්නේ ඉතින් ලබන ආත්මයේ වෙන්නත් පුළුවන් ..