(චමිල් රූපසිංහ,තරිදු ජයවර්ධන)
අද පස්වරු හය වන තෙක් තෙල්දෙනිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (6) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයෙන් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද දිගන ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.
එයින් විශේෂයෙන් රාජ්‍ය දේපල අවට ආරක්ෂාවට හමුදා පිරිස් යොදවා ඇත.
ඡායාරූප - චමිල් ඡායාරූප





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි. තත්ත්වය පාලනය වෙනකම් මිනිසුන්ව ගෙවල් වලටම සීමා කලයුතුයි. මහනුවර සියළුම පාසල් ලබන සදුදා වෙනක්ම් නිවාඩු දෙනවානම් වඩා හොද ආරක්ශාකරී තීරනයක් වේවි. මොකද ළමයින්ගේ ආරක්ශාවට ප්‍රශ්නයක් වුනොත් සිංහල මුස්ලිම් කවුරු වුනත් මීටත් වඩා සන්වේදි වෙලා ප්‍රතිචාර දක්වන්න ඉඩ තියෙනවා.
ආගම පක්ෂ බේදයකින් තොරව කලහකරිව හැසිරෙන සියලු දෙනාට විරුද්ධව නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.
හොද පියවරක් නමුත් ප්‍රමාණවත් නැහැ - මේ මිනිස්සු තවත් කෙනෙක් මරා දැම්මේ කාගේ හයිය අරන්ද කියන එක හොයා බැලිය යුතුයි....... දැනටත් අපි ප්‍රමාදයි කියන එකයි මගේ හැගීම.
"වෛරයෙන් , වෛරය නොසන්සිදේ - අවරෛයෙන් , වෛරය සංසිදේ"
අනේ මෙහමත් රටක්, මහා දවල් බැංකු මංකොල්ල කැවාම එකෙක් වත් නැ පාරට බහින්නේ, ගොවියත්ටේ පොහොර නැතිවුනාම කව්රුත් නැහැ.......අර දේශපාලන මිනීමැරුම් වලට සධාරණ වෙන්න කියල කව්රුත් නැ....... මේවගේ දේවල් වලින් වෙන්නේ දේශපාලන ඩීල් මින්නිසුන්ට අමත්කෙවෙන එක , ජනතාවට තේරුම් යනකොට කොචිචිය ගිහින්..................