(වාර්තා සැපයීම : චමල් රූපසිංහ, ඉන්දිකා රාමනායක, ජේ.ඒ.එල්. ජයසිංහ සහ ඒ.ජී. වික‍්‍රමසිංහ )
තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද දහවල් සිට හෙට (6) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින් රථවාහන ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුනු අතර ඔහුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර ඇඳිරි නීතිය පැනවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද කීය.
‘ඉකුත් පෙබරවාරි මස 22 වැනිදා තෙල්දෙණිය නරගයේ දී ලොරි රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී ත‍්‍රිරොද රථයේ පැති කන්නාඩියක් බිඳීමේ සිද්ධියක් මුල්කරගෙන සිවු දෙනකුගෙන් සමන්විත පිරිසක් ලොරි රථයේ රියැදුරු වන අම්බාලේ පුවක්ගස් හන්දියේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියකු වන එච්.ජී. කුමාරසිංහ නමැත්තාට පහර දී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ කුමාරසිංහ නමැත්තා මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 3 වැනිදා අලූයම මියගොස් තිබෙනවා.’
මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
එම සැකකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර තිබිය දී සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
පොලිස් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කැඳවා තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව තර කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මේ අතර අද පස්වරුවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබිය දී පස්වරු 2.00ට පමණ සංවිධානාත්මක පිරිසක් දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටිය දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර පිරිස විසුරුවා හැරිය බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
සංවිධානාත්මක පිරිස දිගන නගරයේ තැනින් තැන එක් රොක්වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවත් ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට ඇදිරිනීතිය පැනවීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඊයේ රාත‍්‍රියේ දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 24 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා පිරිසක් අද දහවල් තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවක යෙදී සිටි අතර, ඔවුන් මාර්ගයේ ටයර් පුළුස්සමින් පොලිසියට විරෝධය දක්වා නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරිය බව පොලිසිය කියයි.
ලොරියේ රියැදුරුගේ මරණය පිළිබඳ විරෝධය පළ කරමින් දිගන, මැණික්හින්න, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර සහ කෙන්ගල්ල යන ප‍්‍රදේශවල කඩසාප්පු වසා සුදු කොඩි ඔසවා තිබිණි.
මහනුවර දිගන හරහා මහියංගනය මාර්ගයේ බස් ඇතුළු වාහන ගමනාගමනය ද අද දිනයේ ඇනහිට තිබිණි.
මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන දිගන නගරයේ විරෝධතාවක නිරතවීමට පිරිසක් උත්සාහ ගෙන තිබූ අතර, ඒ බව සැලවීමත් සමග පොලිසිය ඒ පිළිබඳව තෙල්දෙණිය අධිකරණයට කරුණු වාර්තා කොට එම විරෝධතාව වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. මේ අතර මියගිය තැනැත්තාගේ දේහය භූමදාන කිරීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද පස්වරු 3.00 ට පමණ අම්බාලේ සුසාන භූමියේ දී සිදු කෙරිණි.
කලහකාරී පිරිස එල්ල කළ ප‍්‍රහාරවලින් තෙල්දෙණිය දිගන, උඩිස්පත්තුව, මොරගහමුල ආදී ප‍්‍රදේශවල කඩසාප්පු කීපයකට අලාභහානි සිදුවී තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයන් කීපදෙනකු රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.
නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් දේපළවලට පහරදුන් පුද්ගලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. තෙල්දෙණිය සහ දිගන ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂාවට අද සවස් වනවිට පොලිසියේ විශේෂකාර්ය බළකායේ සහ යුද හමුදාවේ 500කට අධික පිරිසක් යොදවා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබෙන දෙයින් සෑහීමකට පත්වෙන්න පුළුවන් නම්, ඉවසන්න පුළුවන් නම් අවිනිශ්චිත සම්පත් සේරටම ගිනි තිබ්බත් ප්‍රශ්නයක් නැහැ.
දැන්වත් කැකිල්ලේ තීන්දු නොදී , හේතු එල දහමින් විසදුම් සෙවීමට පාලකයන්ට නුවන ලැබේවා.........
අපේ මව්බිමේ සියලුම ජාතිකත්වයන් ශ්‍රීලාංකිකයන් ලෙස සමගියෙන් ජිවත් වන දිනයක් ගැන සිහින මවන්නෙකු වන මම යථාර්ථවාදීව බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරනමෙන් සියලුම මුස්ලිම් ජනතාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. විදේශීය අරමුදල් යොදාගෙන අන්තවාදීන් විසින් අවුලවන මතවාදයන්ට රැවටෙන්න එපා. නැතිනම් රට පුරා විසිරී අනිකුත් ජාතිකත්වයන් සමග මිශ්‍රව ජිවත්වන ඔබට ඔබේ ව්‍යාපාරයන් කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වනු ඇත. එයින් පිඩාවට පත්වනු ඇත්තේ ඔබමය.
මිනීමරුවන් හා, මේ ගිනිතියපු මැරයින් සමාජයෙන් තුරන් කල යුතු සමාජ විෂබීජයි. එය සමාජය වෙනුවෙන් කරන විශාල මෙහෙවරක්.
මුස්ලිම් අමානුෂිකත්වයට නිසි පිළිතුරු ලැබී ඇත
ඉවසීමෙන් කටයුතු කළ යුතුයි .
කූඹියෝ එකේ ජෙහාන් ද මේක කරේ කියලා හොයලා බලන්න.
අනතුරක් සිදුවුණාම එතෙන්ට පැනලා පහර දෙන එක වැරදි .කවුරුත් හිතල අනතුරු කරන්නේ නැ. මිනිස්සුන්ගේ අවබෝධය මිට වඩා ඉහල වෙන්න ඕන . නිතිය ගැන මිනිස්සුන්ට විස්වාසය නෑ . පොලිසියට පගාව දීල සිද්දි යට ගහනවා කියල මින්ස්සු අවබෝධයෙන් දන්නවා. රටේ පාලනයේ ඉන්නේ හොරු කියලත් මිනිස්සු දන්නවා. නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දන්නා නිසා මිනිස්සු නිතිය අතට ගන්නවා.
සංහිදියාවේ නාමයෙන් ඉවසීමේ සීමාවක් තියනවා.
ඕව දුර දිග ගෙනියන්න හොඳ නැහැ , මොකද ඔය ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියන්න අමාරුයි අවසානයේදී .
අද රටේ සුළු ජාතිය බවට පත් වෙලා ඉන්නේ සිංහල මේක සින්හල රටක් කියල ගොඩක් දෙනෙකුට අමතක වෙලා. නැති උන සහෝදරයට නිවන් දක්නා තුරා මේ වගේ අකල් මරණයක් නොවේවා!!
මේ වගේ දේවල් ඉස්සර අපි දැක්කම හෝ ගල ඇවිත් කාටහරි බනිනන්ව. එත් දැන් අපි දන්නවා මේවා කාගේ හරි ලොකු ප්ලැන් 1ක කොටසක් බව (කූම්බියන්ට පින් සිද්ද වෙන්න) මුස්ලිම් උබලත් සිංහල අපිත් මේ වගේ උගුල් වල පැටලෙන්නේ නැතිව ඉන්න එක හැමෝටම හොදා
මෙය කිසි සේත්ම අන්තවාදී අරගලයක් වීම වැලක් වියයුතුය. සිවුරු ඇඳගත් අය අරගලයට ආවේ මන්ද? පළමුකොට ඔවුන් අත් අඩංගුවට ගත්තේ නම් බොහෝ තොරතුරු දැනගත හැක.
"මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය." නම් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කවදාද ?
මිනිස්සු මෙහෙම කෝප වෙන්නේ ඇයි කියල හොයල බැලුවහම තේරුණා පොලිසියේ සහ දැන් ඉන්න රාජ්‍ය පාලකයන් ගේ නොමනා ක්‍රියා කාරකම් සහ සහජීවනය නොදන්නා මිනිස්සුන්ගේ නොමනා ක්‍රියා නිසා තමයි මෙහෙම වෙන්නේ කියල.
අපේ ස්වාමින්වහන්සේලා කීප දෙනෙකුත් කලබල කාරීන් සමග ගමන් කරන්නේ මොකද කියල හිතන්න අමාරුයි.
ජාතියක් විදිහට අපිට ආය නැගිටින්න බෑ. මොකද අපි එහෙම කලොත් ජාතිවාදී වෙනවා. පොලිසියට කොන්දක් නෑ.
අපේ රටේ බුද්ධි ගලනයක් සිදුවන්නේ මෙවන් හේතු නිසා නොවේද? අනාගත දරුවන්ට අප උරුම කරන්නේ ජාතිවාදය මිසක් සාමකාමී පරිසරයක් නොව
බොර දියේ මාළු බාන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද? මේ හැම සිද්දියක් පිටුපසම තියෙන දේශපාලන හස්ත කාගේද? දකින ඇහෙන දේට වඩා දෙයක් තියෙන බව තේරුම් ගන්නේ කවදාද?
වල් බූරු නිදහස බුක්තිවිඳිති.
මේ විදියටම කල්ලෝ සෙට් එකක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ සුදුජාතිකයෙක්ට ගහපු වෙලාවේ කල්ලොන්ට විරුද්ධව නොබියව නැගී සිටියේ ඇමෙරිකානු පොලිසිය. එත් ඉතින් අපිට ඒක හීනයක් විතරයි, මොකද ලාංකිකයෝ කියන්නේ තමුන්ගේ රජුරුවන්වත් අල්ලලා වැල් පොටකින් බැදලා, තාන්න-මාන්න වෙනුවෙන් සුද්දට පාවා දුන්නු ජාතියක්නේ.
අවාසනාවට අද අපට කුමාරතුංග මුනිදාසලා නොමැත; ආචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම්ලා නොමැත; හේන්පිටගෙදර ඥාණසීහලා නොමැත. අද වැඩි වැඩියෙන් බිහි ව ඇත්තේ ජාතියට මඟ පෙන්වන්නෝ නොව ජාතිය කනත්තට දක්කාගෙන යන්නෝ ය. මෙය තේරුම් ගැනීමට හැකි එක් අයකු හෝ සිංහල සමාජයේ සිටී නම් ජාතිය ඇද වැටෙමින් පවතින අඳුරු අගාධය ගැන කණගාටු විය යුතු නැත
රටේ නීතිය හැම ජාතියකට එක හා සමානව ඉෂ්ඨ වෙනවා යන හැඟිම සුලු ජාතීන්ට පමනත් නෙවෙයි මහ ජාතියටත් තිබිය යුතුයි. සංහිඟියාවත් කියල එකක් කරගහ ගත්ත 'යහපාලකයො' අද රටේ නීතිය සුලු ජාතීන්ට පක්ෂව සහ මහ ජාතියට විරැද්ධව අසාධාරනව ක්‍රියාත්මක කරනවා කියන හැගීම අද මහ ජාතියේ අති බහුතරයේ මනස තුල අැති වෙලා තියනවා. ඔන්න ඔය ප්‍රශ්ණය විසදුවහම ජාතික සංහිඳියාව ඉබේම විසදේවි.
නීතීය සෑම ජාතියකටම සමානව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක අද අප බුක්ති විදිනවා. මෙම සිදුවීමේදී පහර දුන් පුද්ගලයන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක වීමක් සිදු වී නම් මෙවැනි විනාශයක් සිදු නොවනු ඇත.
නීතිය ක්රියාත්මක කර තිබියදී මිනුස්සූ මෙලෙස හැසිරීම සැකයි.
මෙවැනි සිදුවීමි රාශියක් සිදුවි ඇතත්, ඒ සැබැදිව ගෙන ඇති ක්‍රියා මාර්ගයන් කෙසේ ලබාදුන්නේද යන්න සිතාගත නොහැක. මෙවැනි තීරණ ගැනීමෙන් තවත් සිදුවිමි සිදුවීම අහඹුවක් නොවෙි. මෙි සිද්ධියට අදාල ගන්නා තීරණය.....
බලධාරීන් 'සංහිඳියාව' යන්න වැරදි ලෙස වටහාගෙන සිටීම මේ තත්වයන්ට ප්‍රධාන හේතුවක්.
මේ පුද්ගලයා මිය යාම පිටුපස සරල ක්‍රියාවකට එහා ගිය යමක් තියෙනවා ඒ ගැන බලධාරින් උනන්දු විය යුතුයි
නීතිය හා සාමය සරත් ෆොන්සේකා මහතාට ලැබේවා.! ඔක්කොම සෙල්ලම් ඉවරයි.
ත්‍රී රෝද වහාම නතරකල යුතු නොවේද? ත්‍රී රෝද කරුවන් රට පාලනය කරන යුගය වැඩි ඈතක නොවේ!
මම නම් මේ ආණ්ඩු දකින්නේ සංක්‍රාන්ති මිනිහෙක් විදිහටත.....
බීමතින් තිරිසන් ලෙස හැසුරුණු සිව්දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. මෙය ජාතිවාදී ප්‍රස්නයක් ලෙස නිර්වචනය කරනු ලබන සියලු දෙනාටම කියන්නේ වීරයන් විය යුත්තේ මුහුණු පොතෙවත් මෙතනවත් නොව. ජාතිය යුද්ධයක් කරා ඇදගෙන යාමෙන් ජාතිය ආරක්ෂා නොවන බව සෑම දෙනාම දැනගත යුතුය. ඒ අසරණ උණු පවුල වෙනුවෙන් රැකවරණයක් පිහිටක් විම විනා කාටවත් ප්‍රයෝජනයක් නොවන හැසිරීම පිළිකුලෙන් හෙළ දකිමි.
ජාතීන් දෙක අතර සහජීවනය දිගු ඉතිහාසයක් ඇති බව සියලුදෙනාම පිළිගන්නවා ඇත. නමුත් මේ දිවයිනේ ප්‍රමුඛ ජාතිය සිංහලයින් බව සියලු දෙනා පිළිගත යුතුයි. මේ ලෝකයේ අනෙකුත් රටවල් අතරද පොදු සාධකයක් බවට නොපිළිගන්නේ කුහකයින් හා ස්වාධිපත්‍යයක් නොමැති අය පමණි. දිගු ඉතිහාසයක් ඇති ජාතීන් අතර මෙවන් අනවබෝධයක් ඇතිවීමට හේතුව වන්නේ වර්තමානයේ කළු ලෝගු අඳිමින් තම අධිකාරී බලය පෙන්වීමට ගෙනයන උත්සාහය නොවන්නේද යන්න තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු නොවේද? මෙය ලෝකය පුරාම ප්‍රතික්ෂේපවන හා අර්බුද ඇතිකරන න්‍යායක් වන අතර අන්‍ය ජාතීන් කුපිත නොවන ලෙස ජීවත්වීම තම තමන්ගේද වගකීමක් නොවන්නේද යන්න විමසා බැලිය යුතුයි. සැබෑ සහජීවනය එය නොවන්නේද? තමාට අහිමි තැන අධිකාරී බලයකින් හෝ කූට ක්‍රමවේදයකින් හෝ අනෙකත් ජාතීන් මෝඩයන් සේ සලකා කටයුතු කිරීම මෙවන් ප්‍රතිඵල තවදුරටත් වර්ධනය කරනු ඇත. නිවට පාලකයින් රජ කරන යුගයක නිවටයින් ලෙස ජීවත්වීමට වඩා මෙරට හැරයාමට සිංහල දරුවන් නැඹුරුවන්නේ මෙවන් හේතු නොවේද?