කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටුවෙති
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූහ.