(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංගයේ දී අගමැතිට විරුද්ධව ඡන්දය දෙන බවට හාරිස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන මුස්ලිම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විරෝධය පළකර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,සමස්ත ලංකා ජනතා කොංග්‍රසය නියෝජනය කරන අමාත්‍යවරුන් අගමැති හමුවී ප්‍රකාශ කළේ හාරිස් මහතා ඉහත ප්‍රකාශය කර ඇත්තේ යම් පාර්ශවයක බළල් අතක් ලෙස කටයුතු කරමින් බවයි.
ඔහු මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දි දැඩි පියවර ගන්නා බවද මුස්ලිම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා වැදගත් ප්‍රවෘත්තියක් ඔයාලට නැද්ද? භංග වෙලා තියෙන්නේ අපේ ජනතාව...
ඇමතිකම් පුටුවට වඩා ලොකුදෙයක් නැහැ.
මෙම උපක්‍රමය මෙයාලා හැමවිටම භාවිතා කළා. එක්කෙනෙක්ට පහර දෙන්න ඇරලා අනිත් අය සාමයට කතා කරනවා. අපේ අය අනේ සාම කුරුල්ලෝ කියලා කියා ගන්නවා.
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ මහත්තයෝ.. ඒක නිසා මුලින්ම ආරක්ෂා ඉල්ලන්න කලින් තමන්ගේ මිනිසුන්ගෙන් වෙන අකටයුතු කම් නවත්තලා ඉන්න.
මේ සිද්ධිය හරියට අළුයට තිබුණු ගිනි පුපුරු වගේ. විල්පත්තු සංහාරය, කූරගල වගේ ඇති වුණු ගැටළු අපක්ෂපාතීව විසඳුවා නම් මේවා ඇති වෙන්නේ නැහැ.
අගමැතිතුමා රැක ගැනීම අපේ වගකීමක්... රටට මොන දේ වුණත්..
හරීස්ගේ ප්‍රකාශය සාධාරණයි. කුමන්ත්රණයකින් තොරව, ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංගයේ දී අගමැතිට විරුද්ධව කටයුතුකිරීම ගැන. නමුත් මේ වගේ පටු අදහසින්, තමන්ගේ ඇමති පුටු ආරක්ෂාකිරීම වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් මැති ඇමතිලා ඉන්නකන්, මුස්ලිම් ජනයා ගැන ඉතින් අහන්නොනද?
වත්මන් අගමැතිතුමාට අපහාස කියන අයට දේව දඬුවම් ලැබෙන්න ඕනෑ...