තරිඳු ජයවර්ධන
සංවිධාන ගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ ජන කොටස් අතර භීතිය, අසමගිය හා වෛරය පතුරුවනු ලබමින් සිටින බව නිරීක්ෂණය වන්නේයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙවැනි සිද්දීන්ට අනුබල දෙන හා සංවිධානාත්මක ශක්තියෙන් පෝෂණය කරන පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙලෙස ඉල්ලා ඇත්තේ අද (07) ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යවමිනි.
එම කොමිෂන් සභාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමු කළ ලිපි පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම වටිනා අදහස් ඇතුළත් ලිපියකි. දැන්වත් බලධාරීන්ගෙ සහ නිලධාරීන්ගෙ ඇස් ඇරේවා.
අනේ මහත්වරුනි, අමුතුවෙන් වපුරන්න දෙයක් නෑ. අපේ අමන තකතීරු දෙශාලකයින් දශක තුන හතරක ඉඳන් වපුරපු දේවල් වල අස්වැන්න තමයි මේ ලැබෙමින් පවතින්නේ.ඔක්කොම මිනිස්සු එකයි කියලා බොරු බයිලා ගහල වැඩක් නෑ. එක ජන වර්ගයකට විතරක් වෙනම නීති, වෙනම උසාවි,වෙනම කෑම, වෙනම උසාවි,වෙනම ජන වර්ග කලාප, ඉල්ලන ඉල්ලන පරිදි රාජ්‍ය අනුග්ර්යෙන්ම වෙන් කරලා දීලා දැන් ඔක්කොම එකා වගේ ඉන්න බැරි ඇයි කියල අහන්නෙපා.රටක මිනිස්සු එකට ඉන්නනම් සැමට පොදු නීතියක් තිබිය යුතුයි. එසේ නොවන තැන මෙවන් ගැටුම් ඇති වීම වැලක්විය නොහැකියි.ඉස්සරහට තත්වය තවත් දරුණු විය හැකියි. මේවා සිද්ද වෙන්න දීල ඔබතුමාලා උඩ බලං ඉඳල දැන් නිවේදන නිකුත් කොරල වැඩක් නෑ.
අගමැටිගෙන් ඇහුව නම් සේරම කියයි. ඕව ප්ලෑන් කරපු කෙනාගෙන්නෙ ප්ලෑන් එක ගැන අහන්න ඕනේ.
මානව හිමිකම් කොමිසමත් ප්රාරම්භක සිද්ධිය අමතක කරල අවනීතිය වෙනුවෙන් නම් පෙනී හිටින්නෙ, ඒ රටේ ජනතාවට කවර කල? බලාගෙන ගියහම මෙයාලත් එක්සත් ජාතීන්ගෙම මානව හිමිකම් කොමිසමේ උප ශාඛාවක්.
ඒ වුදවිය හදුනාගෙන ඒ ජාති ද්‍රෝහීන් අත අඩංගුවට ගෙන අධිකරණයට නො පමුණුවන්නේ
හොරෙන් නොව ප්‍රසිද්ධියේම ගැටලු තිබෙනවා යැයි දෙපිරිසම පවසද්දී ඇහුම්කන් නුදුන් රජය දැන් නින්දෙන් පිබිදියාක් මෙන් විනාශයේ වගකීම හතර අතට බෙදමින් තිබේ. ආකල්පමය වෙනසක් සහ ප්‍රජාවේ කොටස් නගන හඩට සවන්දී සාර්ථක මැදිහත්වීම් සිදු නොවන තෙක් දෙපිරිසේම බිදින නායකත්ව වෙනුවට විකල්ප බිහිවනු ඇත.