(රංජන් කස්තුරි)
මහනුවර ඇතිවු ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බව හෙළිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
උඩරට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ල තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක්ල පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්ව සිටින පුද්ගලයින් දෙදෙනෙක් සහ භික්ෂුන්වහන්සේ නමක්ද මෙම ගැටුම් මෙහෙයවා තිබෙන බවට කරුණු හෙළි වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට එම ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී තව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඒ අනුව දේශපාලන පක්ෂයක සම්බන්ධතාවක් හෙළිදර වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම එම දේශපාලන පක්ෂය කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම දේශපාලන පක්ෂයට ඡන්දය නොදුන්නු අයට පහරදෙන එක ප්‍රජාතන්ත්‍රවාදීද?
ආණ්ඩුවේ බැරි කම වහගන්න හදනවා
ඇයි මේ පසුව හෙළි කරන්නේ? කතාව ඇත්තනම් නම් දැන්ම හෙළි කරා නම් ඉවරයි. එතකොට කරන කෙනෙක් බය වෙලා නවත්තයිනේ.... තවත් ඉතින්.. වෙලාවට.. කෙළින් වැඩ කිරීමක් නෑ.... ඒකයි අද රට මෙතැන තියෙන්නේ.
පිටිපස්සේ නොවෙයි, ඉස්සරහින් ඉන්නෙත් කව්ද කියා තේරුම් ගත් අපි වගේ සිංහලයෝ... එක කියන්න අපි බය නැත. සංහිඳියාවක් අපට වුවමනා නැත.
ඉස්සෙල්ලාම ආණ්ඩුව තුල සිටින අන්තවාදීන්ව අත්අඩංගුවට අරගත්තා නම් ඕවා නවත්වන්න පුළුවන්... ඊයේ වීරවංශ පාර්ලිමේන්තුවේ කිව් කෙනා අත්ඩංගුවට අරන් ප්‍රශ්න කරලා ඒ අයට දඬුවම් දුන්නා නම් ඉවරයිනේ.. ඔය හදන්නේ පොහොට්ටුවට බැරකරන්න, පරාජය වසාගන්න ඊළඟ පරාජය නවත්වගන්න. මෙය තමයි අලුත්ගම බේරුවල දර්ගානගරේ සිද්ධියේ මහ මොලකරු මෙයාට මුලින්ම දඬුවම් කරලා කටවහන්න ඕනෑ. මේ පරාජිතයින් ඒවා දැක්කාවගේ බේගල් අතහරින්නේ.. වැහි නැති හෙන තමයි ගහන්නේ...
ඔබතුමා කියන ඒ දේශපාලන පක්ෂය කුමක් වුවත් මේ ජාතිවාදය ආගම්වාදය තුලින් මුළු රටම විනාස කරන්න පෙරමුණ ගෙන කටයුතු කළා කියන සියලු රජ්‍ය ද්‍රෝහීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට හැකි ඉක්මනින් පමුණුවන්න.. .එක්සත් ජාතික පක්ෂයේ වුවද එක රටක එකම වරදට එකම නීතිය විය යුතුයි.
දැන්වත් කටවහගෙන ඉන්න තවත් මේක අවුස්සන්නේ නැතුව.
කුමාර එහෙම කියන්න බෑ ළමයෝ විදිමත් විමර්ශනයකින් පසුව සාක්ෂි සහිත සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කරාවි ...
අනේ මහත්තයෝ මේ තියෙන නාඩගම් වලට අලුත් කොමඩි එකතු කරන්න එපා. පුළුවන් කමක් තියේනම් මේවා නවත්තන්න.
වීරයකු වී ඡන්ද දිනාගැනීමට නිතර මේ උපක්‍රමය භාවිතා කරයි. මේ ගැටුම් ඇතිවීමට මේවා බොහෝ ලෙස බලපායි.
මේ සියල්ල මාස්ටර් ප්ලැන් එකක්.
ඔය පස්සෙ කියන්නං කියන ඒවා කවදාවත් වෙන්නේ නැහැ .
අලුත් කතාවක් කියන්ඩ වගේ...
දෝශාබියෝගය නවත්තගන්න මොනවම හරි කරන්නත් එපැයි නේද?
මේ අය හදන්නේ බොර දියේ මාළු බාන්න.
විශිෂ්ඨ ප්‍රතිපලයක් මැතිතුමනි.
හැමදාම සුරංගනා කතා කියන්නේ නැතිව ඇත්ත හරිහැටි හොයාබලා මෙයට මූලික වුණු අහිංසක සිංහලයා ඝාතනය කළ මිනීමරුවන්ට දඬුවම් ලබා දෙන්න.
අමතක කරන්න එපා.. මේවා අද ඊයේ නෙවෙයි පටන් ගත්තේ. දැනට අවුරුදු 5කට විතර කළින් ඉඳලම පොඩි පොඩි සිදුවීම් වුණා. කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. මේ රජයටත් ජාතිවාදී සංවිධාන පාලනය කරන්න බැරි වුණා. ඕකයි ඇත්ත කතාව... සිදුවීමක් නිසා මහනුවර පාසල් වහලා. ජන ජීවිත අඩාල කළා. මේකේ වගකීම රජය සතුය.
අර අහිංසක සිංහලයාට වස දීලා මරන්න කිව්වෙත් එක්තරා දේශපාලකයෙක් නේද? ඕක තමයි සත්‍ය...
කූඹියෝ කනවා වගේ...
තෙල්දෙණියේ සිදුවුණු සාමාන්‍ය සිදුවීමක් දුරගිය රැගෙනයාම තමයි මේ ඛේදවාචකයට හේතුව. ඒ මොහොතේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කර අදාල වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම පහසුවෙන්ම කළහැකිව තිබිණි. නිසි මොහොතේ ක්‍රියාත්මක නොවීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදය මේ සියළු විනාශයන්ට මූලික විය. අනෙක් කරුණ නම් තෙල්දෙණියේ සිදුවීම අලලා මුළු ලංකාවටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම බරපතල තත්වයකි. ජාත්‍යන්තරයට එයින් ලබාදෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නැත. සිංහල බෞද්ධයන් විසින් අන්‍ය ජාතිකයන්ට ප්‍රහාර එල්ල කරන බවත්, ඒ නිසා හදිසි නීතිය පැනවූ බවත් ජාත්‍යන්තරයට ලබාදෙන වැරදි පණිවුඩයයි... එක් සුළු සිදුවීමක් පාදක කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ ප්‍රජාවම මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම, වැරදි සහගත ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ලබාදීම රජය විසින් සිදුකළ නිවැරදි කිරීමට අසීරු බලවත් වරදක් බව මාගේ මතයයි.
මහත්තයෝ මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා තමුන්නාසේලා ජනාධිපති කොමිසමක් දාලා හොයාගන්න නමුත්, මේකේ ඉස්සරහින් ඉන්නේ උඩරට සිංහලයෝ කියලා හොඳට මතක තියා ගන්න.
මට කියන්න තියෙන්නේ අනේ රජිත කියලා තමයි.
රාජිත පස්සේ කියන්නම් කියල කොච්චර දේවල් පොරොන්දු වෙලා තියෙනවද ? තවත් මෝඩ කතා නොකර වැඩක් බල ගත්තනම් තමයි හොඳ.
මෙයා කීවොත් කියන්නේ ඔයවගේ කතාම තමයි. ඇතිවෙලා ඕව දැකල. ................
තව කෙබරයක් කියන්නයි හදන්නේ...........මෙයා නම් මාර පොරක්..................
තමන්ගේ දේශපාලන අනාගතය හා ඉදිරි මැතිවරණ දිනාගැනිම වෙනුවෙන් පාලන පැලැන්තිය නීතිය අවභාවිතා නොකර නීතිමය කටයුතු කරානම් ජාති ආගම් නොබලා එය සිදුවුවා නම් මේවා මෙතරම් දුර දිග යන්නේ නැ සිදුවිය යුතු දැ කලට වෙලාවට සිදුවුවා නම් මේවා විසදිලා ඔය වහසි බස් දොඩවන දේශපාලකයො තමයි මේවාගේ මුලටම ඉන්නේ ප්‍රතිපත්තියක් නැති දේශපාලකයො කට හැකර දේශපාලකයෝ තමයි මේවට වගකිව යුතු.... @
අපි බැලුව, මාමයි බෑණයි... නාටකය..
අර තාජුදින් ඝාතනයට සම්බන්ද ප්‍රභූ පුතා ගැනත් මෙයා තවම පස්සේ එළිදරව් කරනවා... අනේ !!!
මේ සේරම කුමන්ත්‍රණ කරන්නේ හිටපු මැර දේශපාලකයෝයි. ඒ අය තමයි ජාතිද්‍රෝහීන් . පොලීසිය මේ ගැන දැඩිව හොයලා බලන්න.
කට ඇරියොත් බොරුවක් මයි ඇට නැති දිව වැඩකට නැති කට . එහෙට මෙහෙට හරවන එක තමයි කරන්නේ .ලැජ්ජාවක් නැති හැටි . දැන් වත් ඇවිලෙන ගින්නට පිදුරු නොදා කට වහගෙන සිටියානම් හොදයි , රටේ නායකයෝ මේ විදිහට නම් හැසිරෙන්නේ . ජනතාව ගැන කවර කතාද ? ප්‍රතිපත්තියක් නැති කමතමයි විදහා පෙන්නන්නේ . මේ කේවට්ටයෝ ටික තමයි මේවට වගකියන්න ඕනේ . තමන්ගේ පැවැත්ම තමන්ගේ බඩ ගැන පමණයි හැගීම එකයි මේ හැම දේටම මුල .
මේක හිටී ගමන් සිදු වෙච්ච දෙයක් නෙමෙයි. දේශපාලකයෝ අනිවර්යෙන්ම වගකිව යුතුයි.
රාජිත ගෙ ගොන් කතා වලට රැවටෙන කව්රුත් නැහැ..
රාජිතට තිබුණා හාමුදුරුවන් ගේ ගැන නොකියා ඉන්න. සංහිඳියාවට ඒක කැලලක්. ගින්නට පිදුරු ටිකක් දැම්මා වගේ මේ අතර තවත් දුරස් වීමක් වෙනවා. ප්‍රකාශක තනතුරන් අයින් කරන්න ඕනෑ.
රාජිත කියන ඒවා ගණන් ගන්න දෙයක් නෑ. කව්රුත් දන්නවා ඔය දුගඳ කට ගැන ෙමයාගෙගේ පුතා මේ ගැන අප්පොච්ච්ට වඩා යමක් කියායි කියලා මම හිතුවේ