(අංජුල මහික වීරරත්න)
ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි ඇති වු ජාති වාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට අද (8) වාර්තා කරනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (08) පෙරවරුවේ පැවතී ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම කරුණු වාර්තා කළේය.
මහනුවර සිද්ධි වැනි තත්වයන් ඇති වන අවස්ථා වලදී ෆේස් බුක් සමාජ ජලා පාලනය කළ යුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැක ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානින් අගමැතිවරයාට දැනුම් දුන්නේය.
ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රම වේද ගැන අවධානය යොමු කර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව උතුරු කොරියාවක් වෙන්න ද යන්නෙ ?
ජාතින් අතර සාමය - සන්හින්දියව - සහෝදරත්වය වර්ධනය කරන්න ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය යොදාගන්න බැරිද ? නිර්මාණශීලී අදහස් - ක්‍රියාකාරකම් මේවාට එකතු කරන්න වැඩපිළිවෙලක් හදන්න බැරිද ? පුළුවන් .... අදාළ තැන වලට හරි මිනිස්සු දැම්මනම් ... ගොබ්බ දේශපාලන පත්වීම් නැතිව හරි මිනිස්සු දැම්මනම් කරන්න පුළුවන් .....! පිහියෙන් ඇනල මිනිස්සු මරන්න පුළුවන් ... එත් ඊට වැඩ ප්‍රයෝජන එකෙන් ගන්නවා ...! මොනවද මේ වෙනකම් ජනතා ආකල්ප වර්ධනයට ... සාමයට ... සන්හින්දියාවට ...කරලා තියෙන්නේ ...!
සමාජ ජාලා නැත්තන් රටේ සිදුවන සිදුවීම් අනෙකුත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරන්නෙ නෑ. මහනුවර-තෙල්දෙණිය සිදුවීම් මාධ්‍ය වලින් දුන්නෙ නෑ. ඇයි ඒ සංහිඳියාව නැතිවන හන්දද? ඒකද සංහිඳියාව කියන්නෙ. රටේ පාලකයන්ගෙ නොමනා තීරණ ගැනීමේ පියවරක් මේ.
මෝඩයින් හට නවීන තාක්ෂණයට පහසු ප්‍රවේශය ලැබීමේ ප්‍රතිඵල තමයි මේ...
"සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි".. ඕන්න ඉතිං කිව්ව කථාවක්! - ලංකාවේ ඉන්න මන්ද බුද්ධික දේශපාලකයින්ටම ගැලපෙන පොලිසිය...
සමාජජාලා තුළ තමන්ට වුණු අසාධාරණයක් ගැන කතා කරන්න සමාජ ගැටළු පිළිබඳ කතා කරන්න, දැනුම වර්ධනය කීරිම් ගැන කතා කරන්න, දැනුම හුවමාරු කරන්න, අන්තර් පුද්ගල සබඳතා ඇතිකරගන්න, නිර්මාණ හැකියාව පෙන්වන්න, ඒ වගේම ජාතින් අතර සමගිය ඇතිකරන්න, තරග විභාග තොරතුරු හුවමාරු කර ගන්න වැනි දේට යොදා ගන්න පුලුවන් මාධ්‍ය තමයි සමාජජාලා මාධ්‍ය.. ඉතින් ඒවට සීල් තැබීමේදී එ්වත් හිතන්න ඕනේ සිගරට් ඇබ්බැහිවීම් එකවර නවත්වන්න බෑ. ඒ වගේම තමයි සමාජජාලා වලට ඇබ්බැහි වුණු අයව... මේ හේතුව මත පාලනය කරන්න ගියොත් යම් මානසික රෝගී තත්වයන්ට ලක්වෙන්න පුලුවන්. ඒ ගැනත් හිතන්න ජාතිවාදී, ආගම්වාදී අන්තවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න වෙනම ක්‍රම යොදාගන්න බුද්ධි අංශයක් නිර්මාණය කරගන්න, තාක්ෂණය ෆිල්ටර් කරන්න පුළුවන්... හැබැයි ඒවට එරෙහි ප්‍රතිනාශක සහිත තාක්ෂණය හොයා ගනී. දැනට පවතින තත්වය ඉක්මණින් ඉවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාතිවාදී වපුරන්නන් අල්ලාදීමට අපේ සහයත් ඕනෑනම් දෙන්නම්...
පුවත්පත්, රේඩියෝ සියල්ලම වසාදැමිය යුතුයි. උතුරු කොරියාවෙන් ඒ පිළබඳ උපදෙස් ගතහැකියි. තොරතුරු දැනගැනීමේ පනත ඉවත් කළයුතුයි.
ජාතිවාදී ගැටුම් නෙවෙයි මෝඩයින්ගේ මුහුණු පොත් භාවිතය අඩු වේවි!!! අපේ පවුලම වන්දනාවේ කියලා ෆොටෝ අප්ලෝඩ් කරනවා. එනකොට ගෙදර හොරු කඩලා. දුවගේ වැඩිවිය පැමිණීම ලෝක ප්‍රසිද්ධ කරනවා. අශීලාචාර කපටියෙක් දැරියගේ විස්තර හොයා ගෙන රවටා ගන්නවා. ඔන්න දැන් ඔය වගේ මෝඩ වැඩ නම් ටිකක් අඩු වේවි !!!
බොරු බයිලා වැඩක් නැහැ. ජාතික සමගිය කියලා ෆේස් බුක් නැති කරයි. මොකද රජයේ අඩු පාඩු වහන්න... මෙක දේශපාලන කුමන්ත්‍රණයක්. ෆේස් බුක් නිසා රජයේ වැරදි දැන ගන්න නිසයි ෆේස් බුක් නැති කළේ...
සමාජ ජාලා වලින් හරි ප්‍රයෝජන ගන්න මිනිස්සු අනිවාර්යයෙන් ගන්නවා. අච්චර සිරියාවේ යුද්ධයෙන් බැට කන මිනිස්සු සමාජ ජාලා වලින් තමන්ගෙ රටේ තත්වය ලෝක ප්‍රජාව වෙත පෙන්නනවා. ඒ වගේ අරාජික තත්වයක තියෙන රටක මිනිස්සු සමාජ ජාලා වලින් එහෙම ප්‍රයෝජන ගන්න එකේ ලංකාවෙත් එහෙම හොඳ අරමුණු වෙනුවෙන් සමාජ ජාලා යොදාගන්න බැරි වෙන්න බැහැ. ඔය තර්කෙන් බැලුවොත් ජංගම දුරකථන පාවිච්චිය, රූපවාහිනි නාලිකා එහෙම ඔක්කොම විටින් විට නවත්තන වේවි මොකද ඒවා වලිනුත් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන්න පුළුවන් නිසා. සමාජ ජාලා පාලනය කරපු ගමන් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන එක අඩු වුණාට වෙනත් අදහස් ප්‍රකාශ වෙන එකත් නැති වුණා. ඒ වගේම රටේ මිනිස්සුන්ගෙ කටයුතු ගැන තොරතුරු එහෙම හොයන්න තිබ්බ ප්‍රබලම විදිහ අඩාල වුණා.
මේකේ ප්‍රධානම අරමුණ කාටත් පැහැදිලි නැ. මැති ඇමැතිවරුන්ගෙ හොරකම් රජයෙ නොහැකියාව මේවා කතා කිරීම වැළකීම සහ මැතිවරණයකදී පරාද වීම වළක්වා ගැනීම යන ආදිය මේනිසා වළක්වා ගැනීමට හැකියාව ඇති බැවිනි .