තරිඳු ජයවර්ධන
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හදිසි නීති රෙගුලාසි අනුව පොලිස්පතිවරයා විසින් ඊයේ සවස 4ට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පැය 24ක් සඳහා ක්‍රියාත්මක වන පරිදිය.
සාමය හා සංහිඳියාවට බාදා ඇති නොවන්නේ නම් හැකි ඉක්මණින් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසීය. ඒ අනුව පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවරට ඇඳිරිනීතිය ඉවත් කිරීමට තීරණය කළ බවත්, අවශ්‍ය වුවහොත් යළිත් ඇඳිරිනීතිය පනවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරිනීතිය 10ට ඉවතට
Sanath Thursday, 08 March 2018 05:22 AM
මුලදීම මේ විදිහට තදින් නිතිය ක්‍රියාත්මක කලානම් අවාසනාවන්ත සිදුවීම් සියල්ල වලක්වාගත හැකිව තිබුණා. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මුළු ලෝකෙම අපේ රට දිහා පිළිකුලෙන් බලන තත්ත්වයක් ඇති උනා. සංචාරක කර්මාන්තය එක දවසෙන් කඩාගෙන වැටුණා. හරිම කණගාටුයි.
aruna Thursday, 08 March 2018 05:35 AM
ලෝක ආරම්භයේ සිට අද දක්වම එකෙක් පරය තවකෙක් නැගි සිටිම ජිවවිද්‍යාත්මක දෙයක්. පැවැත්ම වෙනුවෙන් සියලු ජිවින් නිරායාසයෙන් තමාගෙ රැල, කන්ඩායම වෙනුවෙන් අරගලයේ යෙදෙනවා. මෙතනදිත් වෙලා තියෙන්නෙ තමගෙ අගම ජාතිය ගැන ඇතිවු පොදු හැගිමක්. එක අනික් ජාතියට විරුද්දව ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විමක්. "පාලනය මිස මර්ධනය කල නොහැක"
මාවිල්මඩ වජිර හිමි Thursday, 08 March 2018 06:38 AM
අරුණගේ කියමන අදාල වෙන්නේ මනසින් උසස් යයි කියන මිනිසුන්ට නොවේ. ජාතිය, ආගම, කුලය ගැන හිතන්න කලින් අපි සැවොම මිනිසුන් ලෙස සලකන්න බැරි නම් අප ලබා තිබෙන මේ මිනිසත් කමෙන් ඇති ඵලය කුමක්ද?
ajithThursday, 08 March 2018 08:43 AM
මේකට ප්‍රධාන හේතුව මේ දක්වා ලංකාව පාලනය කල දේශපල්කයෝන්ගේ නොහැකියාව. ජනතාව අන්තිමට පීඩනයට ලක් උනාම මේවගේ දේවල් වලට පෙලබෙනවා. 77,83,88/89 උනෙත් මේවගේ දේවල් තමයි...............
imesh Thursday, 08 March 2018 05:44 AM
මේ රටවල මිනිස්සු අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැහැ. කෙටියෙන් කිව්වා නීතිය වෙනස් කියල පුද්ගලයින්ට.
ලුම්බිණි Thursday, 08 March 2018 05:53 AM
මමත් හිතනවා ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද උනා වැඩියි කියල.
mhesika Thursday, 08 March 2018 10:52 AM
පොලිසිය මොනවා කරන්ඩද? දියවන්නාවේ නියෝග එන්න ඕනි. නැත්තං ජොබ් එක නෑ.