තරිඳු ජයවර්ධන
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හදිසි නීති රෙගුලාසි අනුව පොලිස්පතිවරයා විසින් ඊයේ සවස 4ට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පැය 24ක් සඳහා ක්‍රියාත්මක වන පරිදිය.
සාමය හා සංහිඳියාවට බාදා ඇති නොවන්නේ නම් හැකි ඉක්මණින් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසීය. ඒ අනුව පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවරට ඇඳිරිනීතිය ඉවත් කිරීමට තීරණය කළ බවත්, අවශ්‍ය වුවහොත් යළිත් ඇඳිරිනීතිය පනවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදීම මේ විදිහට තදින් නිතිය ක්‍රියාත්මක කලානම් අවාසනාවන්ත සිදුවීම් සියල්ල වලක්වාගත හැකිව තිබුණා. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මුළු ලෝකෙම අපේ රට දිහා පිළිකුලෙන් බලන තත්ත්වයක් ඇති උනා. සංචාරක කර්මාන්තය එක දවසෙන් කඩාගෙන වැටුණා. හරිම කණගාටුයි.
ලෝක ආරම්භයේ සිට අද දක්වම එකෙක් පරය තවකෙක් නැගි සිටිම ජිවවිද්‍යාත්මක දෙයක්. පැවැත්ම වෙනුවෙන් සියලු ජිවින් නිරායාසයෙන් තමාගෙ රැල, කන්ඩායම වෙනුවෙන් අරගලයේ යෙදෙනවා. මෙතනදිත් වෙලා තියෙන්නෙ තමගෙ අගම ජාතිය ගැන ඇතිවු පොදු හැගිමක්. එක අනික් ජාතියට විරුද්දව ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විමක්. "පාලනය මිස මර්ධනය කල නොහැක"
මේ රටවල මිනිස්සු අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැහැ. කෙටියෙන් කිව්වා නීතිය වෙනස් කියල පුද්ගලයින්ට.
මමත් හිතනවා ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද උනා වැඩියි කියල.
පොලිසිය මොනවා කරන්ඩද? දියවන්නාවේ නියෝග එන්න ඕනි. නැත්තං ජොබ් එක නෑ.