අලින්ගේ අපේ කතාවේ තිත්ත ඇත්ත
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් ඇත. ඉන් සූරියවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අලි මිනිස් ගැටුමෙන් නිරන්තරව පීඩා විඳින ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. දිස්ත්රික්කයටම උරුම වූ වියළි කාලගුණය, වනාන්තර ආශ්රීතව පදිංචි වී සිටීමත් වැඩිවන ජනගහණය සහ සංවර්ධන කටයුතු මෙම අලි මිනිස් ගැටුම ඉහවහා යාමට බලපාන හේතු වී තිබේ.