හර්ෂණ තුෂාර සිල්වා
ප්රචණ්ඩ ක්‍රියා සිදු කළ පාර්ශව වලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
සුළුතර ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින් ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාවය සාමයටත් සහජීවනයටත් අවශයයි. ශ්‍රී ලංකා රජය ප්රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මානව හිමිකම් සහ සියලු පාර්ශවවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුයි”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ තමයි මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව පොලිසියත් රැකගෙන කඩේ යන්නේ...
මේ ඔක්කොම අපිට නීති දානවා. මේ අයගේ වැඩේම ලෝකේ හැම අස්සක්, මුල්ලක්ම ගිනි තියන එක. එනවා මෙතන නීතිය, මානව හිමිකම් ගැන කතා කරන්න.
අන්න දැක්කද හාමු මහත්තයලා කියන තාලෙට කරන්න ඕනෑ හිටන්... නැත්තම් ඉඳලා හමාරයි...
කියල තියෙන විදිහෙන්... චණ්ඩියෙක් වගේමයි.
ඔයා මැද්දට පනින්නේ නැතුව ඉන්නවද? පුළුවන්නම් සිරියාවේ ගුවන් ප්‍රහාර නතර කරන්න.
හා එහෙම කරන්නම්,.. ඔයගොල්ලන් කියනකම් තමා හිටියේ... මේ අය හිතන් ඉන්නේ මේක එයාලගේ ප්‍රාන්තයක් කියලා...
"මැක්කෝ" එක්ක නිදා ගත්තාම "බල්ලෝ" එක්ක නැගිටින්න වෙනවා කියන්නේ නිකන් නොවේ. දැන් කියන කියන විදියට ශරීරය නවාගන්න හොඳේ...
යකෝ!!! අපේ රට යටත් විජිතයක් බව මං දැනගෙන හිටියේ නැහැ නොවැ.
දයාබර ඇමෙරිකාව, ඔබ ඔබේවැඩක් බලාගන්න. බොහෝ අඩුපාඩුකම් ඔබේ රටේ තියෙනවා. මෙය අභ්‍යන්තරික ගැටළුවක්... රටේ අභ්‍යන්තරික ගැටළු ගැන ඔබ දුක්වෙන්න ඕනෙ නැහැ.
මේ හිගන රටවල් වල ජාති වාදය සහ අසමානතාවය ගැන දියුණු රටවල් බල ගෙන ඉන්නේ .අවසානයේ මහා ලොකු ආගම, ජාතිය ගගා කෙකර ගගා ඔය දුපතේම කටුකන්න .සුළු ජාතින් මහජාතින්ගේ පිහිටෙන් හොද රටවල්වලට ගිහින් ජීවත් වේවි
මේ අයගේ නිවේදන දාන්නේ ඇයි.?
මේ අයගේ රටේ කල්ලන්ව පොලිසියෙන් මහ පාරෙ වෙඩි තියල මරල දාද්දි සද්ද නෑ. එනව අපිට උගන්වන්න...
දැන් ඇමරිකාවද ලංකාව පාලනය කරන්නේ ඕඩර් දෙන්නේ ඒ අය ලෝකේ වටේ කරන අපරාද මෙට කලින් නවත්වල එන්න කියන්න
දැන් හරි නේ... ඔය ටිකනේ කරගන්න ඕන වෙලා තිබුනේ. ඉස්සරහට තව එයි.
පසුගිය ටිකේ ලංකාදීපේ පුවත් ඇලේ කොමෙට් වැස්සේ තෙමි තෙමි සිටි බබාලා කොයි ගොඩේද, රට මේ අදුරු මොහොතේ ?
මේ අයගෙන් ප්‍රවේසම් විය යුතුය.
ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි .
ට්‍රම්ප් මහතා එහේ යෝජනා කරනකොටම අපි මෙහෙ ක්‍රියාත්මක කරලා හමාරය.
සුළුතර ජන කොටස්වල ආරක්ෂාව විතරද තහවුරු කරන්න ඕන ..එතකොට අර මියගිය මනුස්සය වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕන නැද්ද..
තනි මිනිහෙකුට ගහලා මරපු බුරැවො ටිකයි , අහින්සක මිනිස්සුන්ගෙ ගෙවල් ගිනි තියපු බුරැවො ටිකයි රටට දුන්නු නම්බුව තමා මෙ
මේගොල්ල කරන්නේ ලෝකේ හැමතැනම ගිනිතියන එක තමා. ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ ඔය ටික නේ.
ඇමරිකාවට බනින චන්ඩින් වෙත , ඉපදෙන්න ඉන්න එකත් ලෝකෙට ලක්ෂ 4ක් ණයයි, එත් කටේ හයියනම් කොහොමද , ලෝකෙට ලොකුකම් පාන්න කලින් අපි ශක්තිමත් වෙමු
පරගැති වෙන්න කලින් දේශයට ගැති වෙලා ඉන්න..මේක ස්වාධීන රාජ්‍යයක්,ඒ නිසා මේක පාලනය කරන්න පිටරැටියන්ගෙ උපදෙස් අවශ්‍ය නෑ..
පරගැති වෙලා තියෙන්නේ කට්ටිය බලයට පත්කරපු තක්කඩි දේසපාලුවෝ ලෝකෙටම නය ගැති කරපු නිසානේ! ඔවුන්ගෙන් හතරට පහට ඩොලර් අරගෙන මේක ස්වාධීන රාජ්‍යයක් කියල කට පැත්ත ඇද්දට වැඩක් නැහැ! තමන් කැමති උනත් නැතත් මේක පාලනය කරන්න පිටරැටියන්ගෙ උපදෙස් මත තමයී