(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පෙරදින රාත්‍රී අටේ සිට අද උදෑසන හය දක්වා මහනුවරට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ අතර එය ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පැනවීමට උසස් පොලිස් නිලධාරීන් තීරණය කර තිබේ.
ඇඳිරිනීය කාලයේ කල්ලි කණ්ඩායම් වශයෙන් එක්රොක් වෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙන්ම ත්‍රිවාධ හමුදාවටම බලය පවරා තිබේ.
නීතිය හා සාමය කඩ නොවන ලෙස සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.