(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පෙරදින රාත්‍රී අටේ සිට අද උදෑසන හය දක්වා මහනුවරට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ අතර එය ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පැනවීමට උසස් පොලිස් නිලධාරීන් තීරණය කර තිබේ.
ඇඳිරිනීය කාලයේ කල්ලි කණ්ඩායම් වශයෙන් එක්රොක් වෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙන්ම ත්‍රිවාධ හමුදාවටම බලය පවරා තිබේ.
නීතිය හා සාමය කඩ නොවන ලෙස සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටු පරමාර්ථ සඳහා ජාතිවාදය අවුළුවන අන්තගාමී සියලු දෙනා මර්දනය කර රටේ සාමය සහ සහජීවනය ඇතිකළ යුතුය. රජය ගත් ක්‍රියාමාර්ග අගය කරමි.
මේ ඇඳිරි නිතිය නමට විතරයි. තැන තැන කල්ලි ගැහිලා ඉන්න දෙපැත්තේම පිරිස් විසිරුවේ නැතිනම් ආයෙත් කලබල ඇති කරන්න පුළුවන්. මුණු පොතෙන් ජනතාව කුලප්පු කරන අය තමා රට ගිනි තියන්නේ. දවස් දෙකකට මුණු පොත වහල දැම්මොත් මේක ඉබේම නතර වෙනවා.
රජය ක්‍රියාමාර්ග ගත්තට පාරේ හැමතැන කල්ලි ගැසී පිරිස් ඔවුන්ගේ අබිමතය පරිදි ප්‍රචණ්ඩත්වය පතුරුවමින් ඉන්නවා. හරිම කනගාටුයි.
නිතිය සහ සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න හොදම කාලය දැන් ඇවිල, නිතිය කඩන කාණ්ඩය තමයි මෙතුමා එනවට බය නමුත් ජනතාව කැමති .
පළමුව රට අස්ථාවර කරන්නේ කව්දැයි හොයා බලා රටට හෙළිකර දඩුවම් ලබා දෙන්න . හැමදාම ජනජීවිතය කඩාකප්පල් කරන දෙයක් රටේ සිද්ධ වෙනවා. අවංක, රටට ආදරය කරන ඔබ වැනි කෙනෙකුට මෙය ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් . ඔබට ජය!
මේකට දැඩි ක්‍රියා මාර්ග ගතයුතුයි . මෙම තත්වය පාලනය කල හැකි කෙනෙකුට නිතිය හා සාමය වහාම බාරදිය යුතුයි . අස්සයා ගියාට පසු ඉස්තාලේ වහලා වැඩක් නැහැ .
ප්ලෑන් වෙන්න ඇතිනේ මේවා. විශ්වාසභංගය යට ගහන්න නොකරන දෙයක් නැහැ මෙයාලා......
රජයෙන් ගත්ත ක්‍රියා මාර්ග ගැන විශ්වාසයක් නැතුව ඇති මිනිස්සුන්ට..............
30 වසරක යුද්ධයකින් බැට කෑව රටක් ද මේ කියල හිතෙනවා මේ වෙන දේවල් දැක්කම. සියලු ජන කොටස්වල ඉවසීමයි මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත්.................
හැම ජාතියකටම තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියනවා....
මෙතන අදහස් දාන කවුරුහරි මැද පෙරදිග මුස්ලිම් රටකට ගිහින් සහජීවනය සහ ආගමික නිදහස ගැන කතා කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.....
වහාම සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද ඇමති තනතුර දෙන්න.
ජාතික සමගිය සදහා පක්ෂ බේධයකින් තොරව පොදු වැඩ පිළිවලක් අරබමු
හොඳට හිටීවි...
බෙදුම්වාදවලින් මිදී සිංහල, මුස්ලිම් සියලුදෙනාම එකට එක්විය යුතුය.
මේ ආණ්ඩුව නොහැකියාව සහ ඔවුන්ගේ කුමන්ත්‍රණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට යොදාගත් තවත් සැලසුමක් බව පැහැදිලියි. කව්රු ආවත් මේ දුෂිත කුමන්ත්‍රණ රජය යටතේ මේවා විසඳිය නොහැක.
බණ්ඩා.. මමත් මැදපෙරදිග තමයි ඉන්නේ වසර 10ක් , මෙහෙ ඕනෑම ආගමක් අදහගෙන නිදහසේ ඉන්න පුළුවන් , නොදන්නා දේවල් කියන්න එපා, ඔබල චිත්‍රපටිවල දකින දේට වඩා යථාර්තය වෙනස්.
දින පැනපු බීම බෝතලයකට මහා වීරයන් සේ කඩා පනින සෞක්‍ය අංශ අහාර වලට මොනවා හරි දැම්මනම් වහාම සොයා බලා ඇත්ත නැත්ත රටට දුන්නානම් මේවා මෙච්චර දුර නොයන්න ඉඩ තිබුණා. අනික දැන් පොලීසිය බලන් හිටියා කිව්වට එවෙලේ පොලිසිය රාජකාරිය කළානම් ගෙදර යන්න වෙන්නේ එම නිළධාරියටමයි. ඒ නිසා ඕනෑම ජාතියක කෙනෙක් වරදක් කලාම නීතිය ඉටුකරන්න පොලීසියට පුර්ණ බලය ලබා දෙන්න. නීති ගරුක මිනිසුන් පොලීසියට ගරු කරනවා.
ජාතිය ආගම මුල් කරගෙන අනෙක් අයට හිංසා කරන්නේ මිලේච්ච නොදියුනු මිනිසුන්ය.