චමිල් රූපසිංහ
ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ.
තෙල්දෙණිය හා දිගන ආශ්‍රිතව ඇතිවී තිබෙන නොසන්සුන්තාව පාලනය කිරීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම පිණිස ආගමික නායකයින්ගේ හා දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාව අවසානයේ අනුනාහිමිවරු මේ බව ප්‍රකාශ කළහ.
ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීම පිණිස බුදුන් වහන්සේ ප්‍රධාන සෑම ආගමික කර්තෘන් වහන්සේ නමක්ම ධර්මය දේශනා කර තිබෙන බවත් උන්වහන්සේලාගේ අනුගාමිකයින් වන අප බෙදීම් ඇතිකර ගනිමින් ගැටුම් සඳහා යොමු වන්නේ නම් එය බරපතල ගැටලුවක් බවද අනුනාහිමිවරු ප්‍රකාශ කරති.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ මෙසේ පැවැසූහ.
අප අතර මතබේද තිබිය හැකියි. නමුත් ඒ ඔස්සේ ඇතිවන ආවේගශීලි අදහස් පාලනය කිරීමට නොයා මහත් ව්‍යසනයක් ඇතිවන සේ කටයුතු කිරීම මගින් සමස්ත රටම ආපස්සට ගමන් කරනවා.
වසර 30 ක යුද්ධයකට මැදිව කටයුතු කළ අපි දැන් ඉන් නිදහස්ව සාමයෙන් සමඟියෙන් ඉන්නවා. දැන් එය ආරක්ෂා කර ගැනීම පිණිස සහයෝගයෙන් ක්‍රියා කිරීමට සෑම ජාතියකටම වගකීමක් බවද අනුනාහිමියෝ පැවසූහ. දැන් ඇතිවි තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ගනිමින් ඉදිරියට සාමකාමී ලෙස අප ජීවත් වන්නේ කෙසේද කියල සාර්ව ආගමික නායකයින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවත් නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ මෙසේ කීහ.
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානු යන සියලු ජාතීන් මෙරට තුළ සාමයෙන් හා සමඟියෙන් ජීවත් විය. එය මතුවටත් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි සියලු ආගමිකයින් කල්පනා කර බැලිය යුතුයි.
බෞද්ධයින් ලෙස අප දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන උතුම් කරුණු අනුගමනය කරන පිරිසක්. ඒවා සංහිඳියාව සඳහා නියම මඟ පෙන්වීමක්. ඒත් ජාතිය පදනම් කර ගනිමින් සිදු වන්නේ නම් එය අප සියලු දෙනාගේ විනාශයට හේතුවනු ඇතැයිද පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුශ්‍යත්වයට කලින් අන් දේ(ආගම, ජාතිය, මුදල...) පෙරටුකරගැනීමේ ප්‍රතිවිපාක තමා මේ අත්දකිමින් තිබෙන්නේ. විශේෂයෙන්ම ආගම යනු ඉතාම භයානක අවියක්. අතීතයේ කතෝලික පල්ලියත්, අද මුස්ලිම් අන්තවාදයත මිනිස් ජීවිත බිලිගත්තා/ගන්නවා සේම, කෙමෙන් නැගිටින බෞද්ධ අන්තවාදයත් එම මාර්ගයේම ගමන්ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි. කුමන ආගමක්වත් අන්තවාදීවීමෙන් කිසිදු සමාජයක් යහපත් නොවූ බවට උදාහරණ ලොව පුරා දක්නට ඇත. අද ලංකාවේද දක්නට ඇත්තේ එයයි. නාමිකව අන්ධ භක්තියෙන් ආගම අදහන්නන්ගේ තාර්කික ඥානයට ඉඩක් ඉතිරිවී නැත. දිනපතා පංසල්, පල්ලි, කෝවිල් ඉතිරී පිරී පැවතියත් රටක් වශයෙන් කිසිදු ප්‍රගතියක් ලැබී නැත. ආගමට මුල්තැනත්, තාර්කික ඥානය, කලාව සහ නීතියට පහත් තැනකුත් ලැබීමේ අග්‍රඵල නෙලාගනිමින් පවතින යුගයකටයි අප පැමිණ තිබෙන්නේ. ආගම නොව නීතිය පිළිබඳව විශ්වාසය ගොඩනැගීම ඉතාම වැදගත් දෙයක්. දිගන සිද්ධිය මුස්ලිමුන් මුල්වීම ගැටුම් වලට හේතු වුවත් සිංහලයින් අතරම ඔවැනි අනතුරු මුල්කරගෙන මිනිසුන් මරණයට පත්වී නොමැතිද? අද සුළු වාහන අනතුරක් යනු ලංකාවේ ඕනෑම තැනක මරණය කැඳවන ගැටුමක මුලසුන ගන්නා දෙයකි.
ගැටුම් සහගත තත්ව බොහෝවිට ඇති වන්නේ විෂම තාවයන් නිසයි.මුදල් ,බලය,රැකියා, වැනි විෂම තාවයන් බිහොමයකි.71 කැරැල්ල සිට සියලුම ගැටුම් වල මේ කරුණු පැහැදිලි වේ.සිංහල ජනතාව බොහෝ අවස්ථාවල පිඩිත තත්වයෙන් පසුවනු දැකිය හැකිය.විශේෂයෙන් අදායම් මට්ටම,ව්‍යාපාරික ලෝකයේ රැඳී සිටීම වැනි කරුණු වලදී ඔවුන් සිටුනුයේ පහල මට්ටම් වලය.මෙම විෂම තාවයන් ඉවත් කර ගැනීමට ආගමික අංශයන් ද මැදිහත් වීම අවශ්‍යය.විශාල අදායම් ලබන විහාරස්ථාන වලට ලැබෙන අදායමෙන් අඩු තරමේ 10% හෝ දිළිඳු ජනතාවගේ අධ්‍යාපනය,ව්‍යාපාර ,රැකියා සඳහා යොදවන්නේ නම් කිසියම් සහනයක් ලබනු ඇත.සමහර ආගමික අන්ස වල 10% මෙවැනි කටයුතු වලට වෙන්කෙරේ.ප්රශ්නය ඇති මුලට ප්‍රතිකාර කිරීම අවශ්‍යම කරුණයි.එසේ නොකළහොත් දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.
එහෙමයි අපේ හාමුදුරුවනේ මේ මොහොතේ නිතිය හා සාමය ඇමති කමට එකම සුදුස්සා සරත් පොන්සේකා මහතා බව අද රටම පිළිගෙන හමාරයි වසර 30 ක යුද්ධය නිමාකල මේ රණවිරුවා ...අප පින්බිමේ පිතෘ බුමියේ සාමය මාස 6 කින් ඇතිකරන බව රටවැසියන් දැඩිව විස්වාස කරනවා ....ගරු ජනාධිපති තුමනි ..ගරු අගමැති තිමානි මේ ස්වර්ණමය අවස්තාව මග නොහරින්න . දැන් මේ රටේ මිනිස්සු නිතිය අතට අරගෙන සමහර දේශ පාලුවෝ ජනතාව පොලොබවනවා නීතිවිරෝදී කලහා කාරකම් ගිනිතැබීම් විරෝධතා දේපල හානි මිනි මැරුම් වැනි ප්රචන්ඩ ක්‍රියා වලට ..මේ භයානකත්වය වැඩිවෙන්න ඉඩ දෙනවද ? පාලනය කරනවද ? විසදුම සරත් පොන්සේකා මහතා බව කරුණාවෙන් සලකන්න ...
රොහාන් දයාදර මහතා ගේ අදහසට අපි එකගයි ලෝකයේ භයානක මිනීමරු ත්‍රස්තවාදය මේ රටින් තුරන්කළ වීර රණවිරුවා මේ මොහොතේ පත්කළ යුතුමයි වෙන විකල්පයක් නැත බලයට එන්න රට විනාස කරන මහජනයා රවටාගෙන ජාතිවාදය ආගම් වාදය අවුස්සවාගෙන රටම අමු සොහොනක් කරලා බලය ගන්න කුමන්ත්රන කරන දෙවිදත්තර ලා වැනි දේශපාලුව ගේ අභිමතය ඉටිකරගන්න ඉඩ දෙන්න එපා හනිකව සරත් පොන්සේකා මහතා පත්කරන්න කියා අපිත් කියනවා .
හදිසි නිතිය දිගටම දාල මේ මෙවැනි ප්රචණ්ඩ කටයිතු වලට ජනතාව පොලබවන ජාතිවාදය ආගම් වාදය පතුරවන දේශ පාලුවෝ නීතියේ රැහැනට හසුකර ගන්න රටට සාමය උදාකරන්න .
සමන්. කේ. මැතිදුනි.... ඔබතුමා ලංකාවේ මතුවෙමින් එන අන්තවාදී ජාතිවාදී ආගම්වාදී තත්වය රටින් මුළුමනින්ම තුරන් කරණයට විසදුමක් යෝජනා කලානම් හොදයි. ප්‍රංශය වගේ රටක ඇමති පුරප්පාඩු සොයනවාට වඩා. ලෝකෙට පරගාතේ ගෙදරට මරගාතේ.
මේ ක්‍රියාත්මක වන්නේ කුමන බලවෙගයක්දැයි සොයා බලා තාන්න මාන්න නොසලකා ඊට අදාළ නිවැරදි හා එඩිතර ක්‍රියාමාර්ග ගතහැකි අයෙක් නීතිය හා සාමය අතට ගත යුතුය. ඒ සඳහා කාර්යක්ෂම බුද්ධි සේවාවක් තිබිය යුතුය. මුදුනේ දක්ෂයෙක් සිටි පමණින් සියල්ල හරියන්නේ නැත. ලෝක බලවතා ඇතුළු නොයෙක් විදේශ බලවේග අප රට අස්ථාවර කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනී. ඒ සඳහා දේශීය ඉත්තන් යොදා ගනී. පිටුපසින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අදිසි හස්ත ගැන මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කල හැක්කෙක් නායකත්වය ගත යුතුය.
කරුණා කරලා හිතන්න ඕනේ නෑ සරත් පොන්සේකා මහතාට නිතිය හා සාමය ඇමතිකම දුන්නොත් අනිවාරයෙන් රටේ නිතිය සාමය රැකේවි
ගරු ජනාධිපති තුමනි ... විසෙන් විස නසන්න රටට සාමය උදාකරන්න ඕනෑ නම් එකම විසදුම සරත් පොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ලෙස පත්කළ යුතුමයි .
අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේලා පළමුව ධර්මය දේශනා කල යුත්තේ රට කරවන පන නැති දේශපාලුවන්ට. රටක සාමය රදා පවතින්නේ කොන්ද කෙලින් තියෙන නායකයෙක් සිටියොත් පමණයි.
කවරු මොන බයිලා කිව්වත් වෙලා තිබෙන්නේ කුමක්ද කියා හඳුනා ගැනීම තමයි වටින්නේ... ට්‍රම්ප් මහතාත් ඒ හඳුනා ගැනීම කර තිබෙනවා.
මුස්ලිම් ඒකට ගහන කොට රිදෙන අයට සිංහල ඒකට ගහන කොට රිදෙන්නේ නෑනේ. සුද්දා ගත්තෙත් සිංහල රට ආපහු දුන්නෙත් සිංහල රට එදා සුද්ද බිම දාපු කොඩියම තමා 1948 ඉස්සුවෙත්. මේවා වෙනස් කරපු අය තමා මෙවාට වග කියන්න ඕනේ.