(පුෂ්පකුමාර ජයන්ත)
පොල් ඉඩම් කැබිලි කිරීම හේතුවෙන් පොල් වගාවට සිදුවෙමින් පවතින හානිය සැළකිල්ලට ගෙන විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන තුරු වයඹ පළාත් තුළ පොල් ඉඩම් කැබලි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පරවති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි.
මෙම තීරණය අද දිනයේ සිට බලපැවැත්වෙන බවත් මීට සම්බන්ධ සියලුම ආයතන වලට දන්වා යවන ලෙසද ජනාධිපතිවරයා නියම කළේය.
මෙම රැස්වීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගාවට සිදුව ඇති හානිය පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා අදාළ නියෝග ක්‍රියාත්මක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම වැඩක් ක්‍රියාත්මක කරනවානම් , මෙය ඉදිරියට හරියටම ක්‍රියාවට නංවන්න , අනෙක් පළාත් වල පවා තියෙන විශාල වතු කට්ටි කිරීම නවත්වන්න නීති ගෙන ආ යුතුය . විශේෂයෙන් කඳුකර පළාත්වල තේ වතු , ජල පෝෂක රැක ගැනීමට මෙය මහඟු පිටුවහලක් වේවි.
ඔය වගේම වන සම්පතත් ආරක්ෂා කරගන්න වැඩ පිළිවලක් හැදුවනම් පිං.
බොහොම හොද තීරණයක්. මෙය නිසිලෙස ක්‍රියාත්මක කලයුතිමයි. මම අහවල් ඇමතිය, අහවල් මන්ත්‍රිය, මම අහවල් නිලධාරිය යන ඔබගේත් අපගේත් බදු මුදල්වලින් වැටුප් ලබන මෙම අයට නිතිය එකලෙස බල පාන්නේද යන්නත් සෙවීමට ක්‍රමයක් තිබිය යුතුය.
ඇත්තටම අහන්නත් සතුටුයි ජනාධිපති තුමනි.............ඉතාමත්ම කාලෝචිත පියවරක්.ඔබතුමාට නැවත නැවතත් ස්තුතියි.රටේ අනෙක් පෙදෙස් වලටත් එය ක්‍රියාත්මක කරන්නේ නම් ඉතාමත් අගනේය.
කට්ටි කර විකුණන සමාගම් තමයි මේ අපරාදය කරලා පොල් වගාව විනාශ කරේ
වයඹ පළාතේ විතරක් නොවෙයි බස්නාහිර පළාතේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේත් පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරන්න.
දැන්වත් ඇහැ අරුණු එක ලොකු පිනක්... එයින් සියයට 100ක්ම ක්‍රියාත්මක වෙයිද? නැතිනම් ඒකත් ඇස්බැස්ටස් වගේ වේවිද?
වයඹ පළාතේ විතරක් නොවෙයි ලංකාවෙ සැමතන්කම වෙන වණ විනාශය නවත්වනම් රජයක් විදිහට අනාගතයට දෙන ලොකු දායාදයක්.