ආරියරත්න රණබාහු
රටේ නීතිය හා සාමය අඩු වී තිබෙන බවත් එය නැවත ක්‍රියාත්මක කිරිමේ කටයුතු ඔප්පු කිරිමට සිදු වී ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දී පැවසීය.
දිගන සහ අම්පාර සිද්ධි සම්බන්ධයේ කටයුතු කළ ආරක්ෂක හා පොලිස් නිලධාරින් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන ක්‍රියාකරන බව අගමැතිවරයා කීවේය.
එලෙසම මෙම තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළ පොලිසියේ සහ ආරක්ෂක නිලධාරින්ට විශේෂ ස්තූතිය පිරිනමන බවත් අගමැතිවරයා කීවේය.
සිද්ධියේ අලාභ වුවනට වන්දි ගෙවීමට විශේෂ කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශදෝහීන්ගේ ගොදුරු බවට ජනතාවට පත් නොවන ලෙස අගමැතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය නැති නිසානේ ඔබතුමා ඔතන ඉන්නේ. කාට කියන්නද මේවා?
ඔබතුමා ඕක බදාගන්නෙ නැතුව ෆොන්සේකා මහත්තයාට මුලින්ම දීලා තිබුනානම් වැඩේ හරියට කෙරෙනවානේ.
ඔබතුමා නේද ඕකේ ඇමති... මහ බැංකුවට ගුල්ලෝ ගැහුවා වගේ පොලීසියටත් ගුල්ලෝ ඇවිත්... යහපාලනය එපා කරවනවා. යන්නකෝ අනිත් යට ඉඩ දීලා.
නීතිය සහ සාමය කා ළඟද තියෙන්නේ...?
ඔව් ඔව් ඔහොම යං
විශ්වාස භංගයෙන් ගොඩ යන්න මාර ප්ලෑනක් ගහලා තියෙන්නේ. මම දැනගෙන උන්නා ලඟකදී මොකක් හරි අවුලක් හදාවි කියලා.
ඉක්මනට ඕක වෙන කාට හරි කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න.
කොන්ද පණ නැති, පිටරටවලින් කියන කියන පදේට ඩෙගා නටන, රූකඩ, ලෝන්තපොල්, වැඩ බැරි, සද්ද විතරක් ඇති, මෝල් ආණ්ඩු තියන රටවලට ඔහොම වෙනවා තමයි.
අයියෝ ඕක අගමැතිතුමා අදද දන්නේ? නිදහස හැම කෙනාටම වැඩිවෙලා. පොලිසියටත් එහෙමයි. ඇමතිලාටත් එහෙමයි. මන්ත්‍රිලාටත් එහෙමයි. දොස්තරලටත් එහෙමයි. මහ ජනතාව ඉතින් උඩ බලාගෙන ඉන්න වෙලා. හැබැයි පුංචි ඡන්දෙන්වත් රජය ඉගෙනගත්තේ නැත්නම් වැඩි කලක් මේ රජයට නෑ.
රටක ආරක්ෂක ඇමති මෙහෙම කියන එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ...
මේ රටෙන් තොලොංචි වෙලාම යන්නකෝ... එතකොට මේ රටේ සාමය සමගිය නීතිය රැකෙයි. බැංකු ටිකත් බේරා ගන්න පුළුවන් වෙයි.
ඊයේ, පෙරේදා මාලදිවයිනේ සිදු කළෙත් බලහත්කාරයෙන්... හදිසි නීතිය පනවා ජනාධිපතිවරයා සිය බලය බලහත්කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සාහයක් බව තේරුම් ගත යුතුයි. වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයින් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුළින් මර්ධනය කිරීමේ පටු උත්සාහයක් බව පැහැදිලිව පෙනේ. රජය මෙහි වගකීම බාරගත යුතුයි.
අගමැතිතුමනි, කව්ද ඕවට වග කියන්නේ? රට පාලනය කරන නායකයන් නෙමෙයිද? කවදාහරි ජනතාව නීතිය අතට ගනීවි මෙහෙම නායකයෝ රට පාලනය කළොත්...
ඕවා ගණන් ගන්න එපා ආයිබෝං... ඔය වගේ.. කීයක් දෙනවා කිව්වද...? මොකක්ද දුන්නේ මේ වෙනකන්..? මතකයිනේ... ෆ්‍රී වයිෆයි, පුංචි කාර්, සාක්කු පුරෝපු සල්ලි, බ්‍රේස්ලට්, චුවින්ගම්, ටොෆි, සිගරැට් එකී මෙකී නොකී කී දෙයක් දෙනවා කිව්වද..? සාලාවට, මීතොටමුල්ලට, සාමසර කන්දට වගේ තමයි.
අඩු වෙලා කියකිය ඉඳලා හරි යනවාද ඇමැතිතුමෝ? ඉක්මණට ඔය පුටුවෙන් නැගිටලා ඇවිත් සුදුසු ලෙස කටයුතු කරන්න. ඔබතුමාව පත් කළේ නිකම් අදහස් ප්‍රකාශ කරකර නිකන් බලන් ඉන්න නෙවෙයි.
හොරු අල්ලන්නේ නැතුව හුරතල් කරන නිසා තමයි මේ ඔක්කොම...
නිවට, පිංගුත්තරයින් තමයි මේ රටම විනාශ කරන්නේ...
නීතිය, සාමය අඩුවෙලා කියන්නේ... එය පවත්වාගෙන යන්න තමයි ආණ්ඩු පිහිටුවන්නේ. ප්‍රබලයා විසින් දුබලයා පාගාදැමීම නවත්වන්න තමා නීතිය අවශ්‍ය වෙන්නේ. එය නිසි ලෙස පවතින රටක සාමය එහෙ ප්‍රතිලාභයක් ලෙස ඉබේම ලැබෙනවා. මංකොල්ලකමින් සිටින්නේ නම් "වැටත්, නියරත් ගොයම් කයි නම් කාට කියම්ද මේ අවනඩුව" තමා...
ඔබතුමාගේ පරාජය වසාගන්න රටගිනිතිබ්බා නේද? මෙම තත්වයට ප්‍රධාන වගකිවයුත්තා වත්මන් අගමැති වන ඔබමයි. විකල්ප නොමැත...
දැන් එතකොට අර ළමයාට පහරදීලා තිබුණේ ලංකාවේ හොරු කට්ටියක්ද? ඇත්තටම ඔහෙලා පව් පිටිගල මහත්තයෝ...
අම්මපා.. අපි අදනේ දැනගත්තේ. හොඳ වෙලාවට මේ උන්දැ කතාකළේ. අපි දැනගෙන හිටියෙම නැහැ නොවැ... මෙයා හීනෙන් බයවෙලා නං දොඩවනවද මන්දා? රටක් පාලනය කරන නායකයින්ද මේ දොඩවන්නේ?
තව අඩුවෙන්න කලින් ඕක කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. නැත්නං තියෙන නීතිය හා සාමයත් නැතිවෙයි.
අඩු වී තිබෙන රටේ නීතිය හා සාමය නැවත යථාතත්වයට පත්කිරීමට දක්ෂයෙක් එම ඇමතිධුරයට එක්සත් ජා. පක්ෂයෙන් යෝජනා කිරීම, පක්ෂ භේදයකින් තොරව ජනතාවගේ සතුටට හේතු වන්නකි. එම තනතුර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොලබන්නේ නම් අද ජනතාවගේ පිළිකුලට ලක්වී සිටින වර්තමාන පාලනය තවදුරටත් ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත. වැරදි කරුවන්ට නීතිය නීතියක් විදියට ක්‍රියාත්මක නොවීම අද ඇති බොහෝ ප්‍රශ්නවලට හේතු වන්නකි. එහි වගකීම තමන්ගේ පැවැත්ම ගැන සිතන දේශපාලකයින් සතුවිය යුතුයි.
අැයි දැන් ඇහැරුණේ? තවම පහවෙලා නැහැනේ..
අැයි දැන් ඇහැරුනේ? තවම පහවෙලා නැහැනේ..
මේක නම් මාරම සොයා ගැනීමක්. අපට පෙනුනේම නැහැ නොවැ නීතිය අඩුවෙලා බවක්. මීට පස්සේ නම් ඇහැරගෙනම ඉන්න ඕනෑ රටේ මොකවත් අඩුවෙනවද බලන්න...?
නි්තිය හා සාමය අඩු නෙවෙයි නැතිවෙලා;ඒ කන්ඩායමක් හදාන් උන්ට ගූරැ හරැකම් දී් ගෙන අගමැතී මහබැංකූව කඩන කොට අඩූ වෙලා නවතීයීද?
‘රටේ නීතිය හා සාමය අඩුවෙලා’ - අගමැති කොහෙද සිංගප්පූරුවේද? අඩුවෙන්න තරම් නීතියක් සාමයක් ලංකාවේ තිබුණද?