සිරංගිකා ලොකුකරවිට
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද (6) ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදනක් මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මව වන වික්‍රමගේ දයාවතී(58) හා ඇගේ දියණිය වනරසිකා ප්‍රියදර්ශනී(28) යන අයයි.
මොටර් රථයේ හතර දෙනකු ගමන් කර ඇති අතර වයස අවුරුදු දෙක හමාරක් වයසැති දැරියක් හා අවුරුදු තිහක පිරිමි පුද්ගලයකු තුවාල ලබා ඇත.
මොවුන් අඟුණකොලපැලැස්ස, හැලේකඩ පදිංචිකරුවන් වන බවත් අනතුර සම්බන්ධ සැකපිට ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් දාවනය ගැන කිසිම නීතියක් නැති රටක තව කී දාහක් මැරෙයිද? ටිපර් වලට ඕන වේගෙකින් යන්න පුළුවන් එකම රට මේක වෙන්න ඇති .
මෙතනට අදාල නැතිවුනත් ලියන්න ඕන.........මේ සිද්ධියේදී අර නුවර වගේ බැරිද එකම ජාතියේ අයට කඩ ගිනි තියල කළහ කරගන්න.......මොකද මේක මාර්ග අනතුරක් නිසා........