අජන්ත කුමාර අගලකඩ
රට තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.
තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.