ප්‍රින්ස් රත්නායක
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අරඹා ඇති වැඩ වර්ජනයට සහාය දක්වමින් තමන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් දයාල් අභයසිංහ මහතා කියයි.
ඔහු එසේ කියනුයේ ඒ සම්බන්ධයෙන් විදේනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.
“විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග ඇති කරගත් එකඟතාව පරිදි මාසික හිලව් දීමනාව මෙතෙක් ලබා නොදීම පදනම් කර ගෙන ඔවුන් විසින් ජනවාරි 25 පෙබරවාරි 06, 07 දිනයන්හි සංකේත වැඩවර්න පවත් වන ලදි.
පොදුවේ ගත්කළ මෙම ගැටලුව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සඳහාද එකසේ බලපා ඇති අතර මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදී විශ්වවිද්‍යාලයීය කටයුතු අඛණ්ඩව සහ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවකාශ සලසාදෙන ලෙස අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලාසිටිමු. එසේ කටයුතු නොවන්නේ නම් අවස්ථානෝචිතව අප සංගමයේ සහයෝගය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ගෙන ඇති ක්‍රියාමාර්ග වෙත ලබාදීම ඉදිරියෙදී සිදු කෙරෙනු ඇත.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවන දෙයක් ජනතාවගේ බදුමුදල් වලින් තමයි ගෙවන්න වෙන්නේ. අද විශ්ව විද්‍යාලවල මොකක් හරි අව්ලක් එක්කෝ සයිටම් කියල ළමයි ස්ට්‍රයික් . කාලයක් ආචාර්යවරුත් වර්ජනය කලා. දැන් මේ අය. තව විධායකයොත් ඉන්නවලු.
පුද්ගලික අංශයට දෙන්න තියෙන්නේ. එතකොට පුටු රත්කර කර පඩි ගන්න හම්බ වෙන්නේ නෑ.
ඔයාට ඕකම තවත් විදිහකට කියන්න පුළුවන්. විශ්වවිද්‍යාල පුද්ගලිකකරණය කරව් කියලා.
ආණ්ඩුව දෙන්න පොරොන්දු වෙලා තියන දීමනා නොදීම තමයි මේ ප්‍රශ්නෙට මුල. ආණ්ඩුව කරන්නේ සේවකයන්ට ලැබෙන්න තියන දේවල් නොදී ඒවා හොරාකන එක. මිනිස්සු මේවා දකින්නේ සේවකයන් ගේ වැරදි විදියටයි. රටේ ප්‍රශ්න විසදිමත් ප්‍රශ්න ඇතිනොවන විදියට රට ගෙනයාමත් පවතින ආණ්ඩුව සතු වගකීමයි.