(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට රුපියල් 5,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (6) නියම කළාය.
යුද හමුදා මේජර්වරයකු ලෙස සේවයේ යෙදී සිටිමින් වසර 50 කට අදාළ සිය වත්කම් බැරකම් ප්රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
වර්ෂ 2010 සිට වර්ෂ 2014 දක්වා වූ වසරවලට අදාළව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු පහක් සම්බන්ධයෙන් එක් නඩුවක් සඳහා රුපියල් දහසක් බැගින් නඩු පහක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩයක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට උපයපු වත්කම් කොහොමද උපයාගත්තේ කියලා ඕනේ නැද්ද? 5000 වැඩි නැද්ද ඒ මනුස්සයට....
විශාල දඩ මුදලක්, ඔය අවුරුදු ගාණට ඔච්චර මුදලක් හම්බ කරන්න නැතිව ඇති. පව් ඉන්න තැනක් විකුණන්න වෙයි.
අපරාදෙනේ නඩු දැම්මේ. මේ වත්කම්, බැරකම් පුරවන එක මහ වදයක්.. ඕක පුරවන්නේ නැතුව රුපියල් 100ක දඩයක් කන එක සැපයි. (හැබැයි අපිට නීතිය කොහොම නෙමෙයිද දන්නේ නැහැ.)
මේවගේ දේවල් අහද්දී දකිද්දී මිනිස්සු තව තවත් හොරකම් කරන්න පෙළඹෙනවා. අපි අහලා තිබුණේ වත්කම් ප්රකාශ ඉදිරිපත් නොකළොත් ලොකු ලොකු නඩුවලට පැටලෙන්න වෙනවා. හිරේ යන්න වෙනවා. වත්කම් රාජසන්තක වෙනවා වගේ බය හිතෙන දේවල්. දඩේ දාහනම් මොකටද වත්කම් ප්රකාශ ඉදිරිපත්කරන්න ගිහින් නිකන් දෙතුන් දාහක් වියදම් කරගන්නේ කියලත් හිතෙනවා ඇති...
මේ වරදට උපරිම දඩය රුපියල් 1000 යි කියලා කවුදෝ කියල තිබුණා. ඉතින් මොකටද ලොකු ලොක්කෝ නිකම් කාලය කන්නේ කොළ පුරවන්න? ක්රමයක් හැදුවා නම් ලේසියි, වත්කම් කොලේ වෙනුවට "පෙර ගෙවුම්" දඩ කොළයක්ම පුරවලා දෙන්න.
මගේ අම්මෝ මේ අහිංසකය කොහොම ගෙවන්නද ඕක.