මාධ්‍ය උපමාන යෝජනාවලියට අගමැති අත්සන් තබයි මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) අරලියගහ මන්දිරයේදී අත්සන් තැබීය. 02 January 2018
රාජ්‍ය සේවකයන්ට නිල නිවාස රජයේ සේවයේ යෙදෙන අයට නිල නිවාස ක්‍රමයක් ආරම්භ කරන බවත් එය ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද(2) 2018 වසරේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරට වැඩ ඇරඹීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් පැවසිය. 02 January 2018
උතුරු ලංගම සේවකයෝ අදත් වැඩවරති වවුනියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පොළ වසා දැමීමට එරෙහිව හා ප්‍රවාහන අමාත්‍යධූරය දරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් අද දෙවැනි දිනටත් උතුරු පළාතේ ලංගම බස්රථ සේවකයෝ වැඩ වර්ජනයක නිරතවෙති. 02 January 2018
2017 දුම්රිය අනතුරු 517 යි පසුගිය වසරේ දී දුම්රියේ ගැටිම හෙතුවෙන් පුද්ගලයින් 517 දෙනකු මරණයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරි අනුර පේ‍්‍රමරත්න මහතා පවසයි. 02 January 2018
වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී වලස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ඊයේ (01) රාත්‍රී ගිනිගැනීම නිසා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ ඖෂධ විනාශයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පවසයි. 02 January 2018
සුපිරි සඳ උදාවෙයි නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය. 02 January 2018
ඡන්ද අල්ලස් ලෙස හරක් පැටවුනුත් බෙදලා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද අල්ලස් ලෙස මරණයට කැප වු හරක් පැටවුන්, කුකුළන් සහ විවිධ භාණ්ඩ ජනතාවට ලබා දුන් සිදුවීම් 93 මැතිවරණ සමය ආරම්භ වීමත් සමග වාර්ථා වු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 02 January 2018
මහලු මවක් මහමග දමා ගිහින් වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසයි. 02 January 2018
නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි. 02 January 2018
කල්පිටිය සුන්දර කරන ඩොල්පින් කරණම් කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැම්බර් මුල් භාගයෙන් ඇරඹී ඩොල්පින් සමය, මේ වසරේ අප්‍රේල් හෝ මැයි මුල් භාගය දක්වා දිවෙනු ඇත. 02 January 2018
වසර 400ක් පැරණි චාරිත්‍රයක් කඩුගන්නාවේදී වසර 400 කට පෙර පැරණි රජවරුන් විසින් පවත්වන ලද අසදෘශ සප්ත අධිෂ්ඨාන පූජා මහෝත්සවය දිවයිනේ ප්‍රථම වරට ඊයේ (01) නව වසරට ආශිර්වාද පතා කඩුගන්නාව කොටබෝගොඩ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. 02 January 2018
පොහෝ දිනයේ කුකුළු මස් කොළපාට වෙලා දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්ටුවල ඇති කුකුල් මස් කොළ පැහැති වර්ණ ගැන්වීම නිසා ආහාරය ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇත. 02 January 2018
සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගහයි මාකඳුර - කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පන්නල පොලිසිය පවසයි. 02 January 2018
බරපතල වංචා සිද්ධි 17ක ගොනු ජනපතිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හෙට (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය. 01 January 2018
බැඳුම්කර වැරදිකරුවන්ට ගැලවීමක් නෑ - එස්බී බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක් නොලැබෙන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කදුරට උරුමය පිළිබ`ද අමාත්‍ය එස් බී දිසානායක මහතා අද(01) පැවසීය. 01 January 2018
ශ්‍රීලනිපයට නව න්‍යායපත්‍රයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත්‍රයක් සකස් කරන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඞී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද පැවසීය. 01 January 2018
කොස්ටා රිකා ගුවන් අනතුරෙන් 12ක් මරුට කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා වේ. 01 January 2018
පල්ලියේ පොකුණක දියනෑමට ගිය දෙදෙනෙක් මරුට ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 01 January 2018
න්‍යෂ්ඨික යුද්ධයේ බොත්තම මගේ අතේ න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට නොහැකි වනු ඇති බවත් උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි. 01 January 2018
පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 01 January 2018
මත්වෙන පරාටා - ඉඳිආප්ප කන්න දී රන්බඩු සොරාගනී දෙල්තොට ප්‍රෙද්ශයේ නිවසක කුලියට නවතින්න ආ පුද්ගලයෙකු විසින් රැගෙන ආ පරාටා ඉදිආප්ප සහ රස කැවිලි කෑමෙන් පසු නිවැසියන් මත් වී ඇති අතර ඒ අතරතුර අමුත්තා නිවසේ තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇත. 01 January 2018
වල්ලපට්ටා රට පන්නන්න හැදු ලාංකිකයෙක් අල්ලයි නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 01 January 2018
ලක්ෂ 65 ක රත්තරන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයක් අද (1) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 01 January 2018
ගෙවීගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 52 ක් මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය ගෙවීගිය 2017 වසරේ දී රෝගීන් 52 දෙනෙකුට වකුගඩු බද්ධ කර ඇත. 01 January 2018
මැණික් පතලකින් අත්බෝම්බ මල්ලක් රත්නපුර කැටලියන්පල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත මැණික් පතලක දෝනාවකින් ගොඩගත් ඉල්ලම් තොගයක තිබී අත් බෝම්බ සහිත මල්ලක් සොයා ගත් බව රත්නපුර පොලීසිය කියයි. 01 January 2018
ගුවන් යානයක් ගඟට වැටී 6 ක් මරුට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් කොවාන් ප්‍රදේශයේ ගංගාවකට සී ප්ලේන් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් හය දෙනක් මියගොසේ ඇතැයි වාර්තා වේ. 01 January 2018
බැඳුම්කරේ වාර්තාව හමස් පෙට්ටියට යවන්න එපා - අනුර කුමාර බැඳුම්කර කොමිසමේ වාර්තාවත් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොයවා දුෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (1) පැවසීය. 01 January 2018
ජනපති දළඳා වඳියි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (1) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය. 01 January 2018
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 01 January 2018
ගිනි අවියක් සමඟ අයෙක් වීරවිලෙන් අල්ලයි තිස්සමහාරමයේ වීරවිල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් කණ්ඩායමකට විරවිල කරඹාදිය ප්‍රදේශයේ දී මෙරට සාදන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුට ගැනීමට හැකි වූ බව මාතර තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 01 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026