සිතුම් චතුරංග
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂිකව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් කේ.ගනේෂරාසා මහතා අද (29) නියෝග කළේය.
දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 25 වැනි දා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව්දෙනකු අධිකරණයට බාර වූහ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ කිලිනොච්චිය පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු වූ ත්‍යාගරාසා සුගන් (22), කිලිනොච්චිය අම්බාල්කුලම් පදිංචි තුරෙයිරාසා ප‍්‍රසාද් (23), නටරාජා මෝහන්රාජ් (42), නටරාජා සුපුමාර් (39), කිලිනොච්චිය ක‍්‍රිශ්ණපුරම් පදිංචි සින්නරාසා පිරින්දන් (24) හා කිලිනොච්චිය ධර්මපුරම් පදිංචි තම්බිරාසා තවරාසා (27) නැමැත්තන් වේ.
වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනා ගෙන තිබිණි.
පසුගිය 21 වැනි දා අම්බාල්කුලම් ප‍්‍රදේශයට ආහාර සොයා පැමිණි දිවියා කිහිප දෙනකු වෙත සපාකෑම හේතුවෙන් ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් දිවියා සොයා ඝාතනය කර තිබු අතර එම ඝාතනය කිරීම් වීඩියෝ දර්ශන හා ඡායාරූප ඔවුන් විසින් සමාජ ජාලා වෙබ් අඩවි තුළට නිකුත්කර තිබිණි.
දිවියා කළ පහරදීම් හේතුවෙන් වනජීවි නිලධාරියකු ඇතුළු 10 දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතෙක්ව මැරුවා කියලා වීරයෝ වෙන්නේ නැහැ. මේ ලෝකයේ නියම තිරිසන් සතුන් ඔයගොල්ලොම තමයි.
කොළඹ සත්ව උද්‍යානෙ ඉන්න දිවියෙක්, උද්‍යානයෙන් පිටතට පැන, කොළඹ හතේ මන්දිරයක වාසය කරන ඇමැති කෙනෙකුගේ පවුලේ කෙනෙක්ව හපා කෑවා නම් ඔය නීතිය නැවෙන හැටි කාටත් බලා ගන්නට තිබුණා.
මොනවා වුණත් ගම්වාසීන්ට දිවියා විසින් කළ පහරදීම් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. පව් දුප්පත් මිනිස්සු...
මෙහෙ සත්ව උද්‍යානෙ ඉන්න දිවියන්ගේ දත්,රෝම ඔක්කොම ගලවලා විකුණලා ඉවරයි. උන් දැක්කම දුක හිතෙනවා.