(නිමල කොඩිතුවක්කු)
රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරිම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය නිළධාරි මණ්ඩලය පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බවද ඔහු සඳහන් කරයි.
රජයේ පාසල් ඇතුළු සියලූම පාසල්වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාදාමයට අමතරව භෞතික සම්පත් පිළිබඳවත් මේ මගින් නියාමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ගුරුවරුන්ගේ ප්‍රමිතිය, දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා දීම, අවශ්‍ය ඉඩ ප්‍රමාණය සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමු කිරීමට නියමිතය.
මෙයට අමතරව අසාමාන්‍ය ලෙස මුදල් අයකරන පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමැතිතුමනි, අද රටේ අධ්‍යාපන නියාමනය සඳහා නියාමන කොමිසමක් ඇති කරනවා නම් කාලෝචිතයි. ගුරුවරුන් සඳහා පවත්වන සේවාස්ථ සැසි වෙනුවට අධ්‍යාපන ක්‍රමවේද උගන්වන ආයතන ඇතිකර ඒවායේ සති අන්තවලදී පාඨමාලා හැදෑරීමට යෙමුකර ඒවායින් සහතික ලබා ගන්නා ගුරුවරන්ට වැටුප් වර්ධනයක් ලබා දීම සුදුසුයි.
ඕවා තමයි මහත්තයෝ කරන්න ඕනේ වැඩ... මිනිසුන්ගෙන් ගසාකන රටක් හදන එක ලේසි නැහැ..
නියම වැඩක් කරනවා නම්. හැබැයි බොරු කයිවාරු නම් වැඩක් නැහැ. රජයේ පාසල්වල උගන්වන එම පංතිවල ළමයින්ටම පෞද්ගලික උපකාරක පංති කරන මුදලාලිලා ගැනත් පරීක්ෂා කරල බැලුවොත් පට්ට. මේක දැන් රෝගයක් වෙලා. දෙමාපියන්ගේ ලේ ඉල්ලන මාපිල්ලු ටිකක් රජයේ පාසල්වලට බිහිවෙලා. මහා පරිමාණ මුදලාලිලා ටිකකුත් පාසල්වලට අරක්ගෙන ඉන්නවා. කොච්චර සල්ලි දුන්නත් ඒ අයගේ හිඟා කෑම නවත්තන්නම බැහැ. මේවා නම් අධීක්ෂණය කරන්නම ඕනෑ. ඔන්න මහත්තයෝ වැඩ...
අධ්‍යාපනය තුල කලයුුතු වෙනස්කම් නම් බෙහොමයි. ඇමතිතුමා සේවස්ථ සැසි නවැත්වීමට හේතුව අයවැයෙන් වෙන්කරන මුදල් ලැබෙන්නේ මාර්තු මාසේ දීය. අප්‍රේල් මාසේ නිවාඩුයි. මැයි මාසේ ඉඳන් එක දිගට සේවස්ථ සැසි. මේ නිසා පාසල්වල විෂය ඉගැන්වීමට ගුරුවරු නැත. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි. සමීක්ෂණයක් කළොත් මේ වියදම් කරන සල්ලි වලින් කිසිදු ප්‍රතිලාභයක් සිසුන්ට ගොස් නැත. සෙමිනා එකට උදේ 8 සිට 9-30 වෙනකම් ගුරුවරු එනවා. අයේ සවස 3 ඉඳන් යන්න දඟලනවා. මුදල් දෙන නිසා ටිකක් රැඳිලා ඉන්නවා. සෙමිනා එකේ කියන ටික අහගෙන ඉඳලා පාසලට ගොස් සුපුරදු තමන්ගේ ක්‍රමයට උගන්වනවා මේ සෙමිනා එස් එල් ඊ එස් කාරයින්ටයි, උපදේශකයින්ටයි ගාණක් හම්බවෙන එක විතරයි. මීට වඩා මෙම සල්ලි වලින් රටේ සිසුන්ට අාහාර වේලක් දෙනවා නම් මන්දපෝෂණයෙන් තොර ජාතියක් බිහිවෙනවා.