තායිලන්ත හිමිවරු පා ගමනින් අනුරපුරේ ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කර සිටිති. 01 January 2018
ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි. 2018 නව වසර උදාව හා දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පීරී ඉතිරි ගොස් තිබුණු අතර ආගමික වතාවත් සඳහා විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටද පැමිණ සිටියහ. 01 January 2018
මීතොටමුල්ල කසල කන්දේ කොටසක ගින්නක් මීතොටමුල්ල කසල කන්දේ කොටසක මීට පැයකට පමණ පෙර හදිසි ගින්නක් හට ගෙන ඇත. 01 January 2018
හඳ අද පොළොවට ළංවෙයි දුරුතු පොහොය යෙදෙන අද (1) වෙනත් පොහෝ දිනට වඩා චන්ද්‍රයා විශාලත්වයකින් දැකිය හැකි දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. 01 January 2018
වවුනියාවේ බස් සේවකයෝ වැඩ වරති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව බස් නැවතුම්පල වසා දැමීමත් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ අද (1) බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වෙති. 01 January 2018
ගාල්ලේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට ගාල්ල අකුරැස්ස මාර්ගයේ පිලාන උලුකඩේ හන්දියේදී අද (1) යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මියගොස් තවත් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 01 January 2018
නව වසර උදාවත් සමඟ අනතුරු වලින් 512 ක් රෝහලට 2018 නව වසර උදාවත් සමඟ විවිධ අනතුරු වලට ලක් වු පුද්ගලයින් 512 දෙනක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල කියයි. 01 January 2018
වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි. 01 January 2018
දළදා මාළිගාවට ජන ගඟක් 2018 නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සඳහා අද (1) ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණියහ. 01 January 2018
ජපන් භාෂා කථික තරගයෙන් ශ්‍රී ලංකාවේ මාධවීට ජය ජපානයේ ටෝකියෝ නුවර නිහෝන්සායි ඩයිහකු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ජපන් භාෂා ජාත්‍යන්තර කථික තරඟාවලියේදි එරට අධ්‍යාපනය ලබන ලාංකික තරුණියක් එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ. 01 January 2018
ඒ-9 මාර්ගයේ ලොරි අනතුරකින් සිව් දෙනෙක්ට තුවාල යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව භූ ඔය අසලදී අද (1) අලුයම ලොරි රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා වව්නියාව මහ රෝහලට ඇතුළත් කල බව මැදවච්චිය පොලීසිය පවසයි. 01 January 2018
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 88916 ක් පුනරුත්ථාපනයට පසුගිය 2012 වසරේ සිට ගෙවී ගිය 2017 වසර දක්වා වසර හයක කාලයකදී නිතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 88916 දෙනෙක් ප්‍රජා විශෝධන ආඥා පනත යටතේ අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ. 01 January 2018
නව වසරට ආසිරි පතා පිරිත් පිංකමක් කුඹුක්වැවේ 2018 නව වසර ලක්වාසී ජනතාවට, රටට ආශීර්වාද කිරීමත්, පැවැති නියඟය හේතුවෙන් කන්න කිහිපයක් වගා පාළුවීමෙන් අසරණ වු ජනතාවට නැවත වගා කටයුතු ඇරඹී කලට වැසි ලැබී වැව් අමුණු පිරී ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ පිරිත් සඡ්ඣායනාවක් කරුවලගස්වැව කුඹුක්වැව දී පැවැත්විණි. 01 January 2018
නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක් 2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ. 01 January 2018
ලෝකවාසීහු 2018 නව වසර සමරති 2017 වසර ගෙවී 2018 වසර උදාව සැමරීමට ලෝකයේ රටවල් රැසක ප්‍රධාන නගරවට උත්සව රැසක් සංවිධානය කර තිබිණි. 01 January 2018
ඉන්දියා ධීවරයන් 13ක් අත්අඩංගුවට යාපනය කච්චිතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා දෙකක් අද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 31 December 2017
වනජීවී දෙපාර්තමේන්තුව පූර්ණ ප්රතිසංවිධානයකට වනජීවි දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 31 December 2017
අනුරාධපුර අනතුරකින් 10ක් රෝහලේ තන්තිරිමලේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබූ බට්ටා වර්ගයේ වැන් රථයක් අද (31) අනුරාධපුර ලොලුගස්වැව ප්‍රෙද්ශයේදි පෙරලිමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 31 December 2017
ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි. 31 December 2017
බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි බලපත්‍ර රහිතව ගුවන් විදුලි නාලිකාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙකු හා ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව කළ වැටලීමක දී අත් අඩංගුවට ගෙන ඇත. 31 December 2017
හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ. 31 December 2017
සැලව නිවසක සුදු ලේනෙක් අරණායක සැලව පිල්ලෑව ප්‍රදේශයේ නිවසක ඇතුලත වැටි සිටි සුදු පැහැති ලේන පැටියෙකු හමුවී ඇති අතර මෙ වන විට එම ලේන පැටියා එම නිවැසියන් විසින් සුරතලයට ඇති කරනු ලබයි. 31 December 2017
ස්වයං රැකියාලාභීන්ට දුන් කෝටි 60 න් කෝටි 55 ක් හරවා යවලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වයංරැකියා ලාබීන් සඳහා 2017 වර්ෂයට වෙන්කළ රුපියල් කෝටි හැටකින් කෝටි පනස් පහක් නැවත මහා භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 31 December 2017
වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි. 31 December 2017
මාලිම්බඩ පොල්ලෙලි ගොඩකින් ආයුධ රැසක් මතුවේ මාලිම්බඩ පාලටුව ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් හිටපු යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව එම ස්ථානයේ තිබී අතුරුදන් වු බව කියන ගිනි අවිය ඇතුළු අවි ආයුධ විශාල තොගයක් අපරැක්කවත්තේ නිවසක පිටුපස සගවා තිබීයදී සොයා ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. 31 December 2017
ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒක පුද්ගල ඡායාරූප (අපේක්ෂකයාගේ) දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා 31 දින පැවසීය. 31 December 2017
ධීවර යාත්‍රාවන්ට ටැබ් සවිකළාට විරෝධය කල්පිටිය ධීවර වරායේ නැංගුරම්ලා ඇති බහු දින යාත්‍රා වන්හී අද (31) අලුයම සිට කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ. 31 December 2017
කොණ්ඩා කපන්න ගාණ වැඩී කීවාම පිට කපලා පුත්තලම නගරයේ කරණවැමියකුගේ පිහි පහරට ලක්වු පුද්ගලයකු තුවාල ලබා පුත්තලම මුලික රෝහට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 31 December 2017
නායගිය පාලමට අලුත් පාරක් ගාල්ල සිට මාදම්පේ දක්වා ඒ17 මාර්ගය සූරියකන්ද එග්බර්ත් රෝහල අසලින් පාලමක් නාය යාම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර යතුරු පැදියක් වැනි කුඩා වාහනයක් පමණක් ගමන්කල හැකි තත්වයේ පැවතියද එයද අනතුරුදායක තත්වයේ පවතී. 30 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026