ඩී.ජී.සුගතපාල
නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාව බලා රැගෙන යාමට සංවිධානය කිරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට වසරක බැගින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (29) සිරදඬුවම් නියම කළේය.
2012 සැප්තැම්බර් 6 වැනි දා නීත්‍යානුකුල නොවන වරායක් හෝ තොටුපළක් හෝ නොවන ස්ථානයකින් විදේශ ගත කිරිම සඳහා බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු රැගෙන යමින් සිටියදී ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd