ටෝනි කරුණානායක
නිට්ටඹුව හග්ගල්ල ප්‍රදේශයේ දී පිහියෙන් ඇන පුද්ගලයකුට ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු 64 හැවිරිදි තිදරු පියකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම අද (29) නියම කළේය.
රන්දුණු පේඩිගේ විමලදාස නැමති අයව ඝාතනය කර වසර 22 කට පසු රන්දුණු පේඩිගේ සුමනදාස නැමති අයට මෙසේ මරණ දඬුවම නියම වු අතර එම චෝදනා ලැබ සිටි මරණ දඬුවම නියම වු චුදිතයාගේ බිරිඳ වු හොරතල් පේඩිගේ සෝමලතා සහ එම යුවලගේ පුත් රන්දුණු පේඩිගේ චමින්ද යන විත්තිකාරියව සහ විත්තිකරුවා මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (29) චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
මරණකරු සහ මරණ දඬුවම නියම වු චුදිතයා ළඟම ඥාතීන් බවත් ගම පුරා අලවා තිබු කැලෑ පත්තරයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලකට 1996 වර්ෂයේ දෙසැම්බර් 6 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී එම ඝාතනය සිදුවී තිබු බවට මහාධිකරණයේ දී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය නොවූ ඝාතනයක් වෙන්න ඇති එහෙනම්...
වසර 22 කට පසු නඩුව අහල ඉවර වුණා. අනේ අපේ අධිකරණ ක්‍රියා පද්ධතිවල අගේ. කිසිම වගකිව යුත්තෙකුට නඩු ප්‍රමාදය වලක්වන්න ඕන කමක් නැති හැටි. ඔන්න ඕක තමයි මිනිස්සු නීතිය අතට ගන්න පළමුවැනි හේතුව. සාක්කි කාරයෝ සිද්ධිය දැක්කත් ඉදිරිපත් වෙන්නේ නැති හේතුව. ආයුධ පෙන්වන්න එක්ක යන එක වඩා හොඳයි කියලා වැඩි දෙනෙක් කියන්න හේතුව... නීතියේ ආධිපත්‍යය බිඳවැටිලයි කියන හේතුව...