(තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොල)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය.
නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ නඩුව අහන්න ආබෘ මහත්තයා පත් කලා නම් හරි
මේක විහිළුවක්. බලන්න මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ අතරින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාත් ඉන්නවා. මෙතන ජානක පෙරේරා මහතා අද ජීවතුන් අතර නැහැ.
දැන් කෝ මේ එක්නැලිගොඩ වෙනුවෙන් කඩේ ගිය කට්ටියගේ අදහස් ?
මේ නිසා අතුරුදහන් වූ විජය කුමාරතුංගවත් ඒ සමග ඉදිරිපත් කරන්න.
අන්න හරි, නීතියේ අර්ථකථනය ගැන හොඳ තීන්දුවක් ලැබෙයි.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට දැනෙන දුක විජේවීර මහත්මියටත් දැනෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් මහත්මියටත් දැන් ඕනෙනම් පුළුවන් පැමිණිල්ලක් දාන්න.
විජේවීර විතරද අතුරුදහන්වුනේ................. මේ අය වෙනුවෙන් කතා කරනවට වඩා වැඩ තියෙනවා
මම හිතන්නේ මේක හොඳ දෙයක් හැමෝටම.
අනේ මන්දා 89දි අපි ගොඩාක්ම පොඩියි ඕ ලෙවල් වත් කරලා නැහැ අපිට ට්ව් තිබුණේ නැහැ............. රේඩියෝ කබලේ ප්රවෘත්ති වලට කිවුවා මතකයි......
මේ ක්‍රමය අනුගමනය කරලා 1987-89(ජේ වී පී) සහ පහුගිය 1983-2009 (එල් ටී ටී ඊ) යුද්දේ කාලේ තැන් තැන් වල මැරුණ මිනිස්සුන්ගේ ඥාතියෝ උසාවියට පෙත්සන් ඉදරිපත් කෙරුවොත් වෙන කිසිම නඩුවක් වත් අහන්න හම්බවෙන්නේ නැහැ.
ලංකා දේශපාලනය විහිළු වලින්ම පිරිලා.
බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ සේවය කල කළු කියන අන්වර්ථ නමින් හඳුන්වපු පුද්ගලයා තවම ජීවතුන් අතර ඉන්නවා නම් ඔහු දන්නවා විජේවීරට වුනේ මොකක්ද කියා?
මෙච්චර කාලෙකට පස්සේ හදිසියේම මතක් වුණු එක පුදුමයක්. මොකක් හරි ජල්බරියක් මෙතන තියනවා ෂුවර් !!!