(චන්දන ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත)
ගජ මුතු තුනක් අලෙවි කිරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දංකොටුව පොලීසිය පවසයි.
අද (29) දහවල් දංකොටුව නගරයේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය - බෝගහවැව 5 වන බලකායට අයත් කෝප්‍රල්වරයෙකු, ලාන්ස් කෝප්‍රල්වරයෙකු සහ අනුරාධපුර ගැමුණු පුර සිවිල් ආරක්ෂක කඳවුරට අනියුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක භටයෙකි.
යුද හමුදා කෝප්‍රල්වරයා ගිරිඋල්ල - මැදගොල්ල පදිංචිකරුවෙකු වන අතර, ලාන්ස් කෝප්‍රල්වරයා මොරවැව මහදිවුල්වැව පදිංචිකරුවෙකි. සිවිල් ආරක්ෂක භටයාද මොරවැව මහදිවුල්වැව පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.
සැකකරුවන් මෙම ගජමුතු සොයා ගත්තේ කුමන ආකාරයකටද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දංකොටුව පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ 21වෙනි සියවස... හැබැයි මිනිස්සු තාම අැත් දල, අලි කෙඳි, කොටි දත්, අාදි මිනිසා පරිණාමික අවධියේ පළඳින අාභරණ පළඳිනවා. වහාම මේ නොදියුණු හිංසාකාරි දේවල් නීතියෙන්ම තහනම් කළ යුතුයි.
ගජමුතු තබාගැනීම හෝ විකිණීම ලංකාවේ තහනම් වෙන්නේ මොන නීතිය යටතේද?