විශේෂ ආරක්ෂාව බාර පොලිස් ප්රධානියාටත් මාරුවක් විශේෂ ආරක්ෂක දිසාව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත සහ මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ. 10 January 2018
මේරියන්ස් නලීන්ට එරෙහි නඩුව මැයි 4 දා එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයු බවට ඔහුගේ බිරිඳ සහ දියණියන් විසින් මේරියන්ස් නායක නලීන් පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 4 වැනි දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කළේය. 10 January 2018
පොහොට්ටුවේ පෙත්සම් අට 15 වැනි දා කැඳවයි පළාත් පාලන මැතිවරණයේ දී සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පවරා ඇති පෙත්සම් 8ට ලබන 15 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 10 January 2018
ලක්ෂ 80 අල්ලස් නඩුව මාර්තුවේදී විභාගයට වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 25 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින නාරහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන මාර්තු මාසයේ සිට විභාග කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය. 10 January 2018
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගනිති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය. 10 January 2018
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය. 10 January 2018
සාමනේර හිමියන්ට අතවර කළ අයෙක් රිමාන්ඩ් අනුරාධපු නගරයේ සිට ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එන තුරු රාත්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ සැකකරුවකු ජනවාරි 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(10) නියෝග කළේය. 10 January 2018
දෙගුණ වන මන්ත්රීමණ්ඩලයට සභාගැබ පුළුල් කරයි - වියදම ලක්ෂ 60 යි දෙගුණයකට ඉහළ යන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් අනුරාධපුර මහ නගර සභාවේ සභා ගර්භය කඩා විශාල කිරිමට පියවර ගෙන ඇත. 10 January 2018
රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 10 January 2018
බුරුත කඳන් 21ක් සමග අපේක්ෂකයකු අල්ලයි මිඩියාෆාම් රක්ෂිතයේ බුරුත ගස් කපමින් සිටි බව කියන පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 January 2018
දෙවුන්දර මුහුදේ අනතුරකින් ධීවරයෝ දෙදෙනෙක් මරුට දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. 10 January 2018
ඒ - 9 මාර්ගයේ ලොරි ටිපර් රථ අනතුරින් 4 ක් මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව මාන්කුලම් පොලීසිය පවසයි. 10 January 2018
කටුනායක අධිවේගයේ පිටවුමක් වසයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ගමන් ගන්නා වාහන නව කැලණි පාලම අසලින් කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිතා කරන අන්තය (කොළඹ නුවර මාර්ගයට සම්බන්ධ වන පිටවීමේ මාර්ගය) හෙට (10) උදෑසන සිට වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 09 January 2018
ජපානයේ ’’අවෝදරී’’ ප්‍රසංගය ලංකාවේදී ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් හා ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපානයේ හොංගංජි පදනම හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ ජපානයේ ඉතා ජනප්‍රිය නර්තන ප්රසංගයක්වන ’’අවෝදරී’’ නර්තන ප්‍රසංගය අද (9) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්තන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 09 January 2018
ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත. 09 January 2018
පොලිස් වෙසින් මත්කුඩු ඇදලා පොලිසිය නොමග යවමින් පොලිස් වැහිකබාය සහ හා පොලිස් වශයෙන් සඳහන් කර ඇති ආරක්ෂක හිස්වැස්මක් පැළඳ යතුරු පැදියෙන් මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු රුපියල් ලක්ෂ 20 ට ආසන්න මත්කුඩු සහ මත්ද්‍රවය තොගයක් සමග වත්තල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. 09 January 2018
පැරදුන අයටත් ලැයිස්තුවෙන් ඉඩ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 09 January 2018
අල්ලස් නඩුවක සාක්කියට රවී කරුණානායකට සිතාසි ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්‍රික් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙද හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද සිතාසි නිකුත් කළාය. 09 January 2018
පාසල් නිල ඇඳුම් වවුචරයේ කාලය දිගුකරයි පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන් වවුචර්පත්වල වලංගු කාලය ජනවාරි මස 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. 09 January 2018
94 හැවිරිදි මවක කාමරයක සිරකරලා කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අද සොයා ගත් බව පොලිසිය කියයි. 09 January 2018
බැඳුම්කර වාර්තාව අධ්‍යයනයට ඩිලාන් කාලය ඉල්ලයි බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනයේම විවාද කළ නොහැකි බවත්, එය අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට කාලය ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 09 January 2018
රජයේ මාධ්‍යම මාධ්‍ය උපමාන කඩලා එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර මහා සභා රැස්වීම රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවී ලෙස විකාශනය කිරීම මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමක් යැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 January 2018
රට බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන මැදගොඩ හිමියෝ කියති බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(09)පැවසූහ. 09 January 2018
බැඳුම්කර වාර්තාව හෙට මන්ත්‍රීවරුන් අතට බැඳුම්කර වාර්තාව හෙට(10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණය කිරීමට අද(9) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත. 09 January 2018
සබරගමු සිසුහු උද්ඝෝෂණයක 1995 වසරේ සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රහංගල ප්‍රදේශයේ ආරම්භ කළ කෘෂි විද්‍යා පීඨය 2001 වසරේ විශ්වවිද්‍යාල මව්පරිශ්රයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් තාවකාලිකව යොදා ගනිමින් ආරම්භ කළත් වසර 17ක් ගෙවී ගියද යෝජිත පීඨ සංකීර්ණය මෙතෙක් ඉදි කර නොමැති බව පවසමින් සිසුහු අද(9) උද්ඝෝෂණයක නිරතවූහ. 09 January 2018
කරුණා අම්මාන්ගේ විදෙස් ගමන් තහනම ඉවතට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ගුවන් ගමන් තහනම ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (9) නියෝග කළේය. 09 January 2018
වික්ටර් රත්නායකගේ බිරිඳ රිමාන්ඩ් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ලබන 17වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් මහීල් විජේවීර මහතා අද(9) නියෝග කළේය. 09 January 2018
උසස් පෙළ විශිෂ්ටයෝ ජනපති හමුවෙති 2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ මාතර සුජාතා විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. 09 January 2018
ස්විස් අධිකරණයකට එරෙහිව දෙමළ ඩයස්පෝරාව වීදි බසියි ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මඟින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැඳවීමේ සිද්ධියට විරෝධය පල කරමින් දෙමළ ඩයස් පෝරාවේ විශාල පිරිසක් අද(09) වීදි බැස විරෝධතාවයක නිරතව සිටින බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 09 January 2018
පොළොන්නරුවේ පොහොර හිඟය අවසන් පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500--3000ක් පමණ අද (9) ලැබී ඇති බව සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය. 09 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026