(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
අධ්‍යාපන පරිපාලන සේවයේ විධි විධානයන්ට පටහැනිව දේශපාලන පළිගැනීමට ලක් වූවන්ට එම සේවයේ පත්විම් ලබා දීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු 14 දෙනෙකු නම් කර ඇත.
පෙත්සමේ මෙසේද සඳහන්වේ.
‘‘අධ්‍යාපන පරිපාලන සේවයේ විධි විධානයන්ට පටහැනිව එම සේවයට පත්විම් වලට මීට පෙරද පෙත්සම්කාර සංගමයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.ඒ සම්බන්ධව අධිකරණ නියෝගද පනවා ඇත.
තත්ත්වය මෙසේ තිබියදි රාජ්‍ය සේවා කොමිසම මෙම ජුලි මස තුල දේශපාලන පළිගැනීමට ලක් වූවා යැයි කියන විදුහල්පති සේවයේ සහ ගුරු සේවයේ 4000කට පමණ එම පත්විම් ලබා දිමට යන බව දැන ගන්නට ලැබි ඇත.‘‘
මෙම තත්ත්වය තුල තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියා සිටින ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය එම පියවර වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනි, සියලුම පත්වීම් දේශපාලනිකයි. තරඟ විභාගයක් තියලා තෝරා ගත්තත් පත්වීම දෙන්න ඇමතියෙක් හොට දානවා. මගේ පරිපාලන සේවා පත්වීම මං බාරගත්තේ තැපැල්කරු අතින්. දැන් කිසිම පොඩි රස්සාවක්වත් දෙන්නේ නැහැ ඇමති හෝ ඊට ඉහල කෙනෙක්ගේ අතින් මිසක්. රාජ්‍ය සේවය යනු රාජ්‍යයට සේවය කිරීම නොව ඇමතියන්ට සේවය කිරීම වේ කියලයි රට කරවන අය හිතන්නේ.