පාර්ලිමේන්තුව ජනවාරි 10වැනිදා කැඳවයි පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා(10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද(8) තීරණය කළේය. 08 January 2018
බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි. 08 January 2018
මන්නාරමේ ගැබිණි මව්වරු පාරට බසිති මාස ගණනක මන්නාරම මහ රෝහලේ ප්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා අද (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ. 08 January 2018
ලක්ෂ 15 ක මත්කුඩු සමඟ කහතුඩුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට කහතුඩුව ප්‍රගති මාවතේ දී රුපියල් ලක්ෂ 15 ක මත්කුඩු තොගයක් සමඟ 23 හැවිරිදි තරුණයෙක් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 08 January 2018
පෞද්ගලික පාසලක විදුහල්පතිනියට එරෙහිව මව්පියෝ පාරට බසිති වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිනියගේ අන්තෝනමතික ක්‍රියා කලාපයට හා කාලයක සිට පාසලේ පරිපාලනය බිඳ වැටිමට එරෙහිව එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ අද(8) කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ එම පාසල ඉදිරිපිට සාමකාමි විරෝධතාවක නිරත වූහ. 08 January 2018
වෙන්නප්පුවේ ගැටුමකින් 5 ක් අත්අඩංගුවට සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තියුණු ආයුධ වලින් කපාකොට තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකපිට අද (8) අලුයම පස් දෙනෙක්ව අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 08 January 2018
බැදුම්කර වාර්තා විවාදයට මැතිසබය වහා කැඳවන්න - අගමැති ඉල්ලයි බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික සම්මේලනයේදී පැවසීය. 08 January 2018
ඡන්ද ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි මෙවර මැතිවරණ ක්රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට තේරීපත්වීමේ අවස්ථාව අවම වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 08 January 2018
අකුරැස්සේ අනතුරින් සිසුවියක් මරුට ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දැරියක (11) මිය ගිය බව හබරාදුව පොලිසිය පවසයි. 08 January 2018
නෝර්ටන්බ්‍රිජ් පයිනස් රක්ෂිතයක ගින්නක් නෝටන්බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි්රජ් පොලිසිය පවසයි. 08 January 2018
බැඳුම්කර විවාදය - පක්ෂ නායක රැස්වීමක් බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි විවාදයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (09) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවසීය. 08 January 2018
රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර රාජගිරිය ගුවන් පාලම විවෘත කරන ලදි. 08 January 2018
තැපැල් වර්ජනයක් ආවොත් කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවසීය. 07 January 2018
ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද ගාල්ලේ දී කීවේය. 07 January 2018
සමෘද්ධි නිවාස ණය අය කිරීම ජනපති අනින් නවතී සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය. 07 January 2018
ඡන්දයේ ආරක්ෂාවට එස්ටීඑෆ් ගන්න සාකච්ඡා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 07 January 2018
යූරියා මෙට්‍රික් ටොන් 48000ක නැවක් හෙට දිවයිනට ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් හෙට (08) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා පැවසීය. 07 January 2018
මාස 10ට කෝටි 2190ක අය වැය අතිරික්තයක් ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 07 January 2018
2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය. 07 January 2018
මාගම්පුර සේවකයෝ තවත් උපවාසයකට සැරසෙති හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ අහිමි කළ රැකියා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් අඟහරුවාදා (09) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ.ඔමේෂ් මහතා පවසයි. 07 January 2018
පුත්ලම් හන්දියේ ගොවීන්ට පොහොර පැවැති දැඩි නියගය හේතුවෙන් කන්න තුනක පමණ කාලයක් පුරන් වී තිබූ කුඹුරු මෙවර මහ කන්නයේ දී ලද දියවරෙන් මහත් පරිශ්‍රමයක් දරා කඩිනමින් වගා කළද ඒ සදහා කලට වේලාවට පොහොර නොළැබීමෙන් ගොවීහු මහත් අසීරුතාවට පත්වී සිටියහ. එවන් තත්ත්වයක් තිබියදී රජරට ගොවීන් පිරිසකට සීමිත ප්‍රමාණයකින් යූරියා පොහොර මිලදී ගැනීමේ අවස්ථාවක් රාජාංගනය දකුණ ඉවුර පුත්තලම් හන්දිය ගොවිජන සේවා අලෙවි මධ්‍යස්ථානයේදී ලැබිණ. 07 January 2018
පුංචි ලෝකාන්තය බලන්න ආයෙත් පුළුවන් දින 121ක් සංචාරකයින්ට වසා දමා තිබූ පුංචි ලෝකාන්තය යළිත් දෙස් විදෙස් සංචාරකයින්ට දැක බලා ගැනීමට අවකාශ ලැබී තිබේ. 07 January 2018
දේවාලයේ කසිප්පු පෙරූ කපුවා අල්ලයි හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ දේවාලයක කසිප්පු පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්?බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 07 January 2018
කැලෑවක දමා ගිය බිළිඳකු කුරුවිටින් සොයාගනී කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑවක දමා ගොස් සිටි දිනක් පමණ වයසැති බිළිඳකු ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 07 January 2018
ගුරු සංගමය ගොරවයි දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය පැවැති සමයේ ප්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යංශය හෝ වැටුප් කොමිසම හෝ ප්‍රකාශයට පත් කොට නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 07 January 2018
උඩ බලං සරුංගලය ඇරපු පාසල් දරුවා ළිඳට වැටී මිය යයි යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන් මියගොස් ඇති බවට අච්චුවෙලි පොලීසිය කියා සිටියේය. 07 January 2018
ඡන්ද නීති කැඩීම ගැන පැමිණිලි 248ක් - පැෆරල් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 248 ක් පිළිබඳ පැමිණිලි 248 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 07 January 2018
වරිපනම් - බලපත්‍ර ගාස්තු අන්තර්ජාලයෙන් ගෙවන්න අවස්ථාව පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම් වැනි කටයුතු රැසක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ අන්තර් ජාලය ඔස්සේ ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සකස් කර ඇත. 07 January 2018
පොහොර ප්‍රමාදයට රජය වගකියනවා - මහින්ද අමරවීර ‘ගොවියාට නිසි වෙලාවට පොහොර ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවා. රජයක් විදියට අපි එහි වගකීම ගන්නවා. මේ වන විට රටේ පොහොර හිගයක් නෑ. නැවත මේ රටේ පොහොර හිගයක් ඇති වෙන්න දෙන්නෙත් නෑ.‘ යැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය. 07 January 2018
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු නියෝජ්‍ය පොලිස්පතිනරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 07 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026