නිමල කොඩිතුවක්කු
අධ්‍යාපන බලධාරීන් තමන් සතු වෘත්තීය බලතල භාවිතා කරමින් විදුහල්පතිවරුන්ට පාසල් වසා තැබීමටත් ගුරුවරුන්ට සහ පාසල් දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසත් බලපෑම් කිරීම මගින් පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසමින් ජාතික අධ්‍යාපන සේවක සංගමය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද (04) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් බව කියමින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු , විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද (4) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළේය.
එහිදී දකුණ පළාත, ඌව පළාත සහ බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල් වසා තබන ලෙස බලපෑම් කළ බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් පිරිසක් පැවසූහ.
මේ හේතුවෙන් පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති මුලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික අධ්‍යාපන සේවක සංගමය සඳහන් කරන්නේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සාමාජිකයින්ට අයිතිය තිබෙන නමුත් තම වෘත්තීය බලතල භාවිතා කරමින් පාසල් වසා තැබීමට නියෝග කිරීමට හෝ බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පැමිණිල්ල යොමු කිරීම ම යහපත් ලක්ෂණයකි. නමුත් ජාතික අධ්‍යාපන සේවක සංගමය මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම හාස්‍යජනකය.
කරු කියනවා හරි. ලොකු වරද පෙන්නේ නෑ. විරුද්ද වීම පේනවා. මුලින්ම නැවත්තුවනම් නිවාඩු දෙන්න ඕනි නෑනෙ. දේශපාලන පලිගැනීම් කියල බඳවා ගැනීමේ පරිපාටි, සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් උසස්වීම් දෙන්න පුලුවන්ද? කලින් ආණ්ඩුව දුන්න කියල, මේ ආණ්ඩුවත් ඒ වරදම කරන්න ඕනිද? රටේ මිනිස්සු නැගී සිටින්න ඕනි මේවාට විරුද්දව. අපිට අදාළ නෑ කියල කට වහන් හිටියම පාලකයෝ දිගටම කරන්නේ එකම තමා. රට හැමදාම එකම තැන.