
















(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු සංගම් කිහිපයක් එක්ව අද (04 ) පැවැත්වු උද්ඝෝෂණයේ දී එහි පැවැති කළහකාරී අවස්ථාවේ ඡායාරූප
වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

















(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු සංගම් කිහිපයක් එක්ව අද (04 ) පැවැත්වු උද්ඝෝෂණයේ දී එහි පැවැති කළහකාරී අවස්ථාවේ ඡායාරූප
වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුරුවරුද මැරවරයෝ ද කියලා හිතාගන්න බැහැ මේ ගොල්ලොද අපේ අනාගත පරපුරට නැණ නුවන ලබාදෙන්නේ ? දෙමුපියනි දෙවරක් නොව තුන්වරක් සිතන්න ඕනේ කාරණයක්.
ඉස්කෝල වලට ගිහින් මේ වගේ අයගෙන් ඉගෙන ගන්නවට වඩා හොඳයි, තමන්ගේ ළමයින් ටුව්ෂන් පන්තියකට ඇරලා උගන්වන එක.
මේ අය තමයි රටේ අධ්‍යාපනය කා දමන්නේ
මේ අයද පාසල්වල උගන්වන්නෙ. සාපෙළ, උ/පෙළ අසමත් අය ගුරු සේවයේ නැහැ. පහුගිය ආණ්ඩුවේ උසස්වීම් ගත්ත අය තමයි අද කලබල කලේ
මේ අයටද ගුරුවරු කියන්නේ රොෂාන් සේනක ඔයාලගේ කතාවට මමත් හවුල්කරුවෙක්
මේ ක්‍රියාව හෙලා දැකීමට පෙර ඔවුන් ඒ සදහා පෙළඹුන හේතුව හොයන්න ඕන. ගුරු වෘත්තීය කියන්නේ ඉතාම වැදගත් වෘත්තියක් වගේම හොද දැනුමක් ඇති අය කල යුතු වෘත්තියක්. දේශපාලන පලිගැනීම් වලට ලක් වුනා කියන කාරණය ගුරු වෘත්තියට සුදුසුකමක් වෙනවා නම් ඒක කොයිතරම් දුරට සාධාරණද? එතකොට ඒ අයගෙන් ඉගෙන ගන්නා දරුවන්ට යන කලදසාව.. ඒ දරුවෝ හැමෝම දේශපාලනයට යනවනම් ගැටළුවක් නෑ. මොකද ඒකට උගත් කමක් අවශ්‍ය නැති නිසා.
මොකද නැත්තේ. මගේ පන්තියේම ඉගෙනගත්ත අපොස හරියට සමත් නැති කාන්තාවක් ගුරුවරියක් වෙලා ඉන්නවා. එයාට තිබුණු එකම සුදුසුකම දේශපාලනයයි, ජනසවිය ලැබුණු එකයි විතරයි
ගොඩක් ගුරුවරු ඉස්කෝලවලට ගියා. මේකට සම්බන්ද වුනේ නෑ.. මෙතන ගොඩක් හිටියේ අධ්‍යාපන පරිපාලන සේවකයෝ.. මොවුන් බොහොමයක් දේශපාලන පත්වීම්. ගුරුවරු දන ගස්සපු එකටවත් මේ ගුරු සංගම් උද්ගෝෂණ කලේ නැ. මෙතන ඉන්න අධ්‍යාපන පරිපාලන නිලදාරීන් කවදාවත් ගුරුවරු ගැන හිතුවේ නැ. අධ්‍යාපන පරිපාලනෙම දේශපාලනීකරණය වෙලා. සමහර ගුරු උපදේශකලට උපාධියක්වත් නැ. හැබැයි උපදෙස් දෙන්නේ උපාධි තියෙන අයට. ගුරුවරුන්ගේ කැපවීම එදත් අදත් විශිෂ්ටයි. ගුරුවරුන්ට කොච්චර ගැටළු තියෙනවද කියල හොයල බලන්න කවුරුත් නැ.. බස්නාහිර පළාත් අධ්‍යාපන සේවය අන්තිමයි. ඔක්කොම දේශපාලනීකරණය වෙලා .
මේ වගේ මැර ගුරුවරුන්ද අපේ ළමයින්ට උගනන්නේ .ප්‍රශ්නයක් තිබේ නම් සාකච්ඡා මාර්ගයෙන් විසදාගැනීමනේ හොද. අනේ මන්දා යහපාලනය හොද වැඩිද ?
අද රටේ හැම තැනම පිරිහීමට හේතුව තමා ස්වාධීනව තිබිය යුතු තැන් වලට දේශපාලන මුල් බැසීම. මෙහි සියලු සංසිද්ධිත් එහි එක් පැතිකඩක්. හැබැයි අසාධාරණයට එරෙහිව සටන් කරනවා අැර උඩ අය කියන විදියට බෝධි පූජා හෝ යාඥා කරලා වැඩක් නෑ. මොකද බීරි අලින්ට කන් අැහෙන්නේ මේ වගේ ලොකු ශබ්දයක් දැම්මම නැත්තන් අැහෙන්නෑ වගේ ඉන්නවා.
ගුරුවරු මේ වගේ තත්වයට පත්විය යුතු නෑ. ඔවුන් ඉතාම ගරු ගාම්භීරව සිටියුතු පිරිසක්. නමුත් ඔවුන්ට එපරිදි සිටීමට පරිසරයක් රටේ නැහැ. තිබෙන නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි වැරදි සිදු වෙන්නේ නෑ. නීතියක් අනුව ක්‍රියාත්මක වන පරිපාලනයක් රටේ හැම තැනම නැති නිසා තමයි මේ රටේ ජීවත් වීමට ඔළුවක් තිබෙන මිනිස්සු අකමැති වෙලා පිට රටට සේවය කරමින් ආවඩමින් සිටින්නේ. මේ ගැටළුවේදී දේශපාලකයොන්ට විතරක් අත දිගහරින්න බෑ. ඔවුන් ලඟ ඉන්නවා විශ්‍රාම ගිය හා විශ්‍රාම යන වයසේ නිලධාරීන්. ඔවුන් නීතියට මුවා වී වැරදි කරනවා. ඇමතිතුමා එක් පොල් ගෙඩියක් කඩන්න කිව්වාම නිලධාරීන් ඒ පොල් ගෙඩිය ඇමති තුමාට කඩලා දෙනගමන් ඔවුන් ද වත්තේ තියෙන් ඔක්කොම පොල් ඇමතිතුමාටත් හොරා කඩා ගන්නවා. මගේ නම් අදහස අද නිලධාරීන් දන්නේ කාටහරි කරදරයක් කරන්න පුලුවන් නීතිය විතරයි. සේවයක් කිරීමට තියෙන නීති ගැන දන්නේ නෑ. දන්න විත්තිය පෙන්නන්නෙත් නෑ. මහජනයා පහල සේවකයෝ දුක් විඳිනවා. මෙම තත්වය උසස් යැයි හිතනා විශ්වවිද්‍යාල වලත් තියෙනවා. ගොඩක් ආචාර්‍ය වරු තමන් ගේ රාජකාරිය නොකර උසස් පෙල ටියුෂන් කරනවා. උසස්පෙල ටියුෂන් ගුරුවරු කොහොමද මහාචාර්‍ය වෙන්නේ.
ගාල්ලේ පාල දන්නෑ. ඉස්සර එහෙම පත්වීම් ගත්ත අය ඉන්නවා.
ගුරුවරු සටන් කරන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ දේශපාලකයන් හා ඔවුන්ගේ අය තමා අද මේ ගෞරවනීය වෘත්තියට මේ වගේ අපරාධයක් කරලා තියෙන්නේ. ඔබලාගේ සටනට ජයම වේවා
අසාධාරණය පිටුදකින නිසානේ කොයි කවුරුත් උද්ගෝෂණ පවත්වන්නේ. යම්තාක් දුරට සාධාරණයක් ඉටුවෙනවානම් ඕනෑම කේෂ්ත්‍රයකට පවතින රජයකින්. එහෙමනම් තීරණයකට එළඹෙන්න පුළුවන් මෙවැනි උද්ගෝෂණ කොපමණ දුරට සාධාරණද ,අසාධාරණද කියලා!
සමහර අයගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා සාමාන්‍ය දැනීමවත් නැති මිනිස්සුද එහෙම නැත්නම් කුලියට කමෙන්ට් කරන අයද කියල. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් මුලින්ම නැවත්තුවනම් නිවාඩු දෙන්න, උද්ඝෝෂණ කරන්න වෙන්නේ නෑනෙ. දේශපාලන පලිගැනීම් කියල බඳවා ගැනීමේ පරිපාටි , සේවා ව්‍යවස්ථා උල්ලංගනය කරමින් උසස්වීම් දෙන්න පුලුවන්ද? කලින් ආණ්ඩුව දුන්න කියල, මේ ආණ්ඩුවත් ඒ වරදම කරන්න ඕනිද? රටේ මිනිස්සු නැගී සිටින්න ඕනි මේවාට විරුද්දව. අපිට අදාළ නෑ කියල කට වහන් හිටියම පාලකයෝ දිගටම කරන්නේ එකම තමා. රට හැමදාම එකම තැන.
ලෝකය වෙනස්කරන ගුරු දෙවිවරුන්ගේ ගරුත්වය නැතිකිරීමට හා මෝඩයන් පිරිසක් බිහිකිරීමට වත්මන් ආණ්ඩුව ඔවුන්ව මේ දෙයට පෙළඹුවා. ගුරුවරුන් කරන මෙහෙය දන්නේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අයයි. ඔවුන්ට දොස් නැගීමට පෙර ඔවුන් ඔබල වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාදැයි ඔබලාගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න .
අලි විදුහල්පතිවරු අද හෙට ඉදීවි.
ගුරු පුහුණු විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව ඉගනගත් උපාධි සහිත ගුරුවරු අතලොස්සක් සහ, දේශපාලකයෝ පස්සේ ගිහින් වෙන කිසිම රස්සාවකට සුදුසුකමක් නැති ගණිතයත් අසමත් නමුත් පිනට ගුරුවරු වෙච්ච බහුතරයකුත් ඉන්න ඉසා තමයි උගත් වැදගත් ගුරු වෘත්තිකයන්ටත් අවමානයක් වෙන්නේ
ගුරුවරුන්ට ඉතාම අසාධාරණයක් වෙලා තියෙන්නේ හැමදාම? කවදාවත් ගුරුවරු උද්ඝෝෂණ කලාද පඩි වැඩි කරන්න කියල නෑ.. හැමදාම කලේ ගුරුවරු අනුන් ගැන හිතන එක.. අනුන්ගේ ළමයි හදන එක. සමහර ගුරුවරුන්ගේ වැටුපට සමානයි අධ්‍යාපන සේවයේ කම්කරුවන්ගේ වැටුප දැන්. අවුරුදු ගනාක් කට්ට කාලා, උදේ ඉදන් පැය ගණනක් හිටගෙන පන්තිවල කෑගහලා ළමයින්ට උගන්වලා.. ගන්න පඩිය කීයද 22 000ක් මොකද ගුරුවරුන්ට අතිකාල තියෙනවද ? හවස පන්ති කලා කියලා ගෙවනවද? දැන් රටේ ඉන්න අම්මලට එක ළමයෙක් බලාගෙන ගෙදර ඉන්න අමාරුයි, එත් එක ගුරුවරයෙක් ළමයි කීයක් බලනවද ? ගුරු ඇගයීම ඉතාම පහලයි. අනෙක් රටවල ගුරු වෘත්තිය සමිති තම ප්‍රබලම. මේ උද්ගොෂනෙත් ගුරුවරු ගැන නෙමෙයි , ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න කවුරුත් කතා කරන්නේ නෑ.. මම දන්නා එක ගුරුවරියක් උගන්නන්න මීගමුවේ ඉදන් මතුගමට එනවා.. බස් 4 ක් ගන්න ඕනේ. ඔක්කොම මාරුවීම් කරන්නේ දේශපාලන මැදිහත්වීමෙන්. ඒවා අයින් කරන්න කියල කියන එක වැරදිද?