( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ප්‍රශ්නගත බැදුම්කර වෙන්දේසියේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන ආකාරයට වත්කම් ඉපැයීම නිසා රාජ්‍ය ආයතන පහකට රුපියල් බිලියන 8.5 ක අලාභයක් සිදුව ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහත අද (04) අභියාචනාධිකරණයට දැන්වීය.
මෙම අලාභය එම සමාගමෙන් අය කර ගැනීමට සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු එම රාජ්‍ය ආයතන පහ විසින් මේ වන විට කොළඹ දිසා අධිකරණය හමුවේ සිවිල් නඩු පහක් ගොනු කළ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් හෙතෙම මෙම දැනුම් දීම කරනු ලැබුවේ ඇප ඉල්ලා අර්ජුන් ඇලෝසියස් ගොනු කල පෙත්සම සලකා බැලූ අවස්ථාවවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රාජය ආයතන වල ඉන්න නිලධාරින්ද දැනුවත්වමයි ඔය වංචාව සිද්ධ වුනේ. ඒ නිසා ඔවුන්වත් චූදිතයන් ලෙස නම් කල යුතුයී. එසේ නොවුන හොත් ඔවුන්ගේ සහාය ඇතිව පර්පචුවල් ටෙෂරීස් සමාගම මේ නඩුව දිනන්න ඉඩ තියනවා.