හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 5කට ඇප හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(9) ඇප ලබාදුන්නේය. 09 January 2018
දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ එක් අයකුට ඇප දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ අටවැනි සැකකරුට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද(9) දැඩි කොන්දේසි මත ඇප ලබාදුන් අතර ඉතිරි සැකකරුවන් 7 දෙනා ලබන 23වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි. 09 January 2018
ගායක බිරිය පොලිසියට බාරවෙයි රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට අවශ්‍යව සිටි ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ අද(9) උදෑසන පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි. 09 January 2018
තහනමෙන් පසු පළමු තේ තොගය රුසියාවට රුසියාව විසින් තේ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව එරටට යැවු මුල්ම තේ තොගය මේවනවිට යවා ඇතැයි තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය. 09 January 2018
උතුරු හා දකුණු කොරියාව අතර යළි සාකච්ඡා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසු ඉහල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. දකුණු කොරියාවේ පන්මුන්ජොම් තාවකාලික සහන ගම්මානයේ සාම මන්දිරයේදී එරට වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වී ඇති සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී ඇත. 09 January 2018
70 වැනි නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා එඩ්වර්ඩ් කුමරු පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 09 January 2018
ජනපතිට ජීවිත තර්ජන එන්න පුළුවන් - ඇමති අමරවීර බැඳුම්කකර කොමිසමෙන් හෙළි වූ කරුණු නිසා ඉදිරියේදී ජනාධිපතිවරයාට ජීවිත තර්ජන පවා එල්ල විය හැකියැයි එක්සත් ජාතික නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 January 2018
කුච්චවේලි ප්‍රා.ලේකම් බෞද්ධ කොඩිය ගලවන්න කියලා කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය. 09 January 2018
සූර්පිට රිය පැදවූ නළුවා අත්අඩංගුවට බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2018
පලෙයි වෙඩි තැබීම ගැන පොලිසිය වෙනස් ඇහැකින් බලයි කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (8) රාත්‍රීයේ සිදු වූවායැයි කියන වෙඩි තැබීමෙන් පුද්ගලයක් තුවාල වූවායැයි කියන සිදුවීම සැක සහිත බවට පලෙයි සහ කිලිනොච්චිය පොලීසිය පවසයි. 09 January 2018
පලෙයි වෙඩි තැබීමක් කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී අද රාත්‍රී වෙඩි තැබීමක් වී ඇතැයි ද, බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි. 08 January 2018
ලිංගික වදහිංසාවලට විරෝධය දක්වමින් නිළියෝ කළු ඇඳුම් අදිති ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හිදි පැවැති 75 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළලේදී සම්මානලාභී නිළියන්ගේ අදහස් දැක්වීම් ලොව පුරා මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගත්තේය. 08 January 2018
හෙට සිට කාලගුණයේ වෙනසක් පවතින වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2018
මාධ්‍යවේදිනියට වරෙන්තුවක් උසාවි භූමියේ ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමක් අනුව ලංකාදීප මොරටුව ප්‍රාදේශීය මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. 08 January 2018
දයා මාස්ටර්ට පහරදීලා එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට අද (8) පස්වරුවේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි. 08 January 2018
පල්ලම වෙඩි තැබීමකින් තිදරු පියකු මරුට පන්නල පල්ලම ප්‍රදේශයේ ලීමෝලක් අසලදී අද දහවල් බොල්රෝ ජීප්රථයක් තුල පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 08 January 2018
අඹගමුව පෙත්සම කල්යයි පළාත් පාලන සීමා නීර්ණය කිරීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනක් වශයෙන් කඩා වෙන් කිරීමට පියවර ගෙන ඇත්තේ පළාත් පාලන විෂයබාර අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවක් විසින් සිදු කළ නිර්දේශවලට අනුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. 08 January 2018
වැල්ලම්පිටියෙන් කසල තේ කිලෝ 16500ක් අල්ලයි වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ගබඩාවක තිබී කසල තේ කිලෝ 16,500 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 08 January 2018
කොටි නායකයාගේ රුව ෆේස්බුක් මගින් ප්‍රචාරය කළ දෙන්නෙක් රිමාන්ඩ් එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූපය සහ එම සංවිධානයේ ලාංජනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුබ පැතුම් පතක් ෆේස්බුක් ගිණුම මගින් ප්‍රචාරය කර බෙදාහරින ලදැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ඇගලුම් සේවකයින් දෙදෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය අද (8) නියෝග කළාය. 08 January 2018
හෙරොයින් ළඟ තබාගත් තරුණයා දිවි ඇතිතෙක් හිරේ හෙරොයින් ග්රූම් 13ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (08) ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය. 08 January 2018
දියණිය දුෂණය කළ පියාට වසර 56 ක සිරදඩුවම් වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම මහධිකරණයේදී වරද පිළිගත් පියකුට චෝදනා තුනක් යටතේ වසර 56 ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍යම කාන්ත මද්දුමපටබැදිගේ මහතා නියෝග කළේය. 08 January 2018
බැඳුම්කර වංචාවේ විමර්ශන ගැන වාසුගේ අවිශ්වාසය මහබැකුවේ හොරකම පිළිබඳ වගකිවයුතු ආණ්ඩුවේ පාලකයින් පිළිබඳ සොයා බැලීමට වෙනම කොමිසමක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් අවශ්‍ය බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා අද (8) පැවසීය. 08 January 2018
හොරට රට යන්න හැදූ තරුණිය කොටුවෙයි ව්‍යාජ තොරතුරු යොදාගනිමින් විදෙස් රැකියාවකට යාමට සූදානම් වූ 18 හැවිරිදි වියේ පසු වූ තරුණියකගේ විදෙස් ගමන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් නවත්වා ඇතැයි කාර්යංශය කියයි. 08 January 2018
මස්සිනා මැරූ අයට මරණ දඬුවම ගම්පහ යක්කල, මහවිට ප්‍රදේශයේදී පිහියකින් ඇන තම සහෝදරියගේ සැමියා ඝාතනය කළ විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(8) මරණ දඬුවම නියම කළේය. 08 January 2018
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය. 08 January 2018
‘ආණ්ඩුව කළේ අර්බුද ඇතිකිරීම පමණයි‘ - මහින්ද ඊනියා යහපාලන ආණ්ඩුවේ ගෙවී ගිය වසර තුනක කාලය තුළ රටේ සෑම ක්ෂේත්රයක් පුරාම දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබෙන බවත් මහබැංකු මංකොල්ලය එහි බරපතලම සිද්ධිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 January 2018
බිළිදෙකු කැළෑවක දමා ගිය කතක් අත්අඩංගුවට රත්නපුර තෙප්පනාව ප්‍රදේශයේ ලඳු කැලෑවකට දිනක් පමණ වයසැති බිළිඳු පිරිමි දරුවකු දමා ගියේ යැයි කියන සිදුවීම සම්බන්ධව 19 හැවිරිදි පසු ප්‍රසව අවස්ථාවෙහි පසුවන කාන්තාවක් කුරුවිට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 08 January 2018
මොරගහකන්දේ මංගල දියවර නිකුත් වෙයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 08 January 2018
කල්ලාරු ඇතාගේ දළ කොළඹට තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය සොයා ගත් වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු ඇතාගේ ඇත් දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තෙමින්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාටත් ජාතික තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාටත් යවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය. 08 January 2018
ගුරු වෙස්ගත් කාමාතුරයා රිමාන්ඩ් ගිණුමිකරණය හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට තමාගේ නිවසට පැමිණි අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක සිසුවියකට(18) ලිංගික අතවර සිදු කිරීමට තැත් කළැයි ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියකු හෙට(9) දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය. 08 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026