(මනෝප්රිය ගුණසේකර)
හෙරොයින් ග්රෑම් හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග්රැන්ඩ්පාස් ප්රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (05) නියම කළේය.
මීට වසර පහකට පෙර කොළඹ ග්රැන්ඩ්පාස් ප්රදේශයේ දී හෙරොයින් ග්රෑම් 7.21 ක් ළඟ තබාගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ 14 ග්රැන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් මොහොමඩ් ෆයිසර් නමැති 46 හැවිරිදි පුද්ගලයකුටය.
විත්තිකරු ග්රැන්ඩ්පාස් ප්රදේශයේ ආපන ශාලාවක් හා නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරතුර මෙම හෙරොයින් ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය.
2013 මාර්තු මස 22 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්රැන්ඩ්පාස් ප්රදේශයේ දී හෙරොයින් ග්රෑම් 2.18 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ අතර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ ඔහුට ඒ සඳහා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් ළඟ තබා ගන්න මෙයාට ලබාදුන්න මහා මොළය හොයා ගන්න බැරි වෙන්න ඇති නේද? හොයා ගන්න දෙයක් නැහැ විමර්ශනයේදී මෙයාගෙන් ප්රශ්න අහපු කට්ටිය හොඳටම දන්නවා ඇති. ඒවා ඉතින් රාජ්ය රහස් නේ.