ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර නඩුව ලබන 24 වැනි දා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රත් මංජුල රත්නායක මහතා අද (5) නියෝග කළේය.
පසුගිය 14 වැනි දා යශෝධ රංගේ බණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
පසුගිය 26 වැනි දා මෙම නඩුව යළි කැඳවූ විට අලාභ හානි වූ නිවස ජූලි 5 වැනි දා ට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබිණි.
අනතුරුව මෙම නඩුව යළි කැඳවීම මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට දිසා විනිසුරුවරයා නියම කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දරුවන් පමණක් නොව නඩුද බාල ගිරි දෝෂයෙන් පීඩා විඳිති.
අනේ මේ අහිංසක දරුවට උන දෙයක් හැබෑට ....වොඩ්කා බෝතලයක වතුර ටිකක්වත් දමාගෙන නිවී හැනහිල්ලේ කෙනෙකුට අද සමාජයේ යන්න බැරි හැටි....අපරාදේ අර පුතලම් සත්තු ටිකත් කොහෙවත් යන මිනිස් බුරුවන් නිසා ඇනුම්පද අහනවා..පව් අහිංසක තිරිසන් සතුන්.
කල් නෙමේ නොඇසීමට යයි................
ටයි කෝට් වලට ගිය කල. දැන් කවුරු හරි ටයි කෝට් ඇදල යනවා දැක්කම මිනිස්සු හිතන්නේ, ඒ හොරෙක් හරි අමු මදාවි කාරයෙක් හරි කියල.
ඔය නඩු කොහොමත් කල් යයි.
වොඩ්කා පානිය ජලය බීපු නිසා වෙච්ච හානිය.
සෙනරත් මයා වෙත, ඔබගේ අදහස් අප 200% අගයන්නේය. ඇත්තෙන්ම අද සමාජයේ වැඩිපුරම ටයි, කෝට් ඇගලාගෙන සිටින්නේ කාලකන්නි තක්කඩි පාදඩයන් බවට මෙයද හොද උදාහරණයකි. එමෙන්ම දියවන්න ඔයේ ලැගල ඉන්න අයත් අපගේ ජාතික ඇදුමින් සැරසී හැසිරෙන්නේ තක්කඩි පාදඩයන් විදියටම වීම අභාග්‍යයකි. අඩු තරමින් අදින වස්ත්‍රයටවත් වටින්නැති අලුගුත්තේරුවන් රැලකි.