(සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු)
“පාර්ලිමේන්තු කාරක සභා වලට කැඳවු විට සමහර නිළධාරින් රට පනිනවා .තවත් අය රෝහල් ගත වී ඒ කමිටු මග හරිනවා“. යැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
අලගියවන්න මහතා මේ බව පැවසුවේ ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
ලසන්ත අලිගියවන්න මහතා මෙසේද කීය.
“අවංක රාජ්‍ය නිලධාරින් මේ විගණන පනතට බිය විය යුතු නැහැ .මෙම පනතෙන් රාජ්‍ය සේවය තවත් ශක්තිමත් වේවි. ජේ.වී.පී එකේ සුනිත් හදුන්නෙත්ති මන්ත්‍රීතුමා විගණන පනතට ගේන සංශෝධන මාත් පිළිගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම අපගේ මාතෘ භූමියට යහපතක්, සේවයක් වෙනවානම් කවුරු විරුද්ධ උනත් අපගේ රටේ දියුණුව වෙනුවෙන් එවන් අණ පනත් සම්මත කල යුතුමය. මොන පාට මොන පක්ෂය රටේ ආරක්ෂාව, දියුණුව, පුරවැසියන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් හොද දෙයක් කරන්නේනම් අප ඒවා අවංකවම අගය කරන්නෙමු. අපට කිසිදු පක්ෂයක්ද පාටක්ද නොමැත.