( තිළිණි ද සිල්වා)
දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන සතියේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
ඒ අනුව තායිලන්ත අග්‍රාමාත්‍ය පර්යුත් චාන් ඕ චා මහතා ලබන 12 වැනි දා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
ලංකාවේ රැඳී සිටින කාලය තුළදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියා සිටියි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තහවුරු කරගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවට කමක් නෑ, අපෙන් මොකුත් ඉගෙනගෙන එහෙම යනවා නෙමෙයි ඔන්න, හරිය?