සිතුම් චතුරංග
කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.
අද (5) ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම දැක්වෙන සිතුවම් ප්‍රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවසති.
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කළු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන් හී තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද කීය.
සිතුවම් කර ඇති එල්.ටි.ටි.ඊ ලාංජනයට ඉහළින් ජූලි 5 කළු කොටි දිනය ලෙස ද්‍රවිඩ බසින් සඳහන් කර තිබේ.
අදාළ එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ඇඳ තිබෙන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්?
මෙහෙමෙ තියෙද්දි ද උතුරින් හමුදාව අයින් කරන්න දගලන්නෙ ..?
එන තත්වය නම් බොහොම බයානකයි වගේ, ආයෙත් අපෙ අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත නැතිවෙන්න කලින් පියවරක් ගන්න.
කවුරු බලයේ සිටියත් අපට නම් අදාළ නැත. ම්ලේච්ච ත්රස්තවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතුය. පටන්ගත් තැනම ඒවා නැතිවෙන්නම විනාශ කලයුතුමය.
ත්රස්වාදීන්ට අවියෙන්ම තමයි බැට දිය යුත්තේ. කිරිපොව පොව ඉදලා හරියන්නේ නැහැ වගේ.
දැන් උතුරේ කොටි කතා. කෝ නීතිය. ඉස්සරම යුද්දේ පටන් ගත්තේ උතුරට ගිය බස් වල ශ්‍රී අකුරේ තර ගල.. මේවා සුළුවෙන් ගන්න එපා.. බුද්ධි නිලදාරීන් හිරේට ගාල් කරහම ඕවා වෙනවා.. බෝම්බ පිපිරෙනකන්ද බලන් ඉන්නේ.. ලංකාවේ තරම් මොඩම මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් නෑ.. මුළු රටම ගිනි ගත්තත් තමන්ට කුට්ටියක් ලැබෙනවානම් හරි..
මේවා ඇන්දේ කවුද කියලා පළමුවෙන්ම සොයා බැලිය යුතුයි! සමහර විට කොටිවාදීන්ගේ වැඩක්ම වෙන්න පුළුවනි. එසේ නොවෙන්නත් ඉඩ තියනවා , කාලේ හැටියට.